අද (ජූලි 5) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ තමාව පාස්කු ප්‍රහාරයේ චූදිතයෙකු කිරීම සඳහා කුමන්ත්‍රණයක් පවතින බවයි.
එහිදි වැඩිදුරටත් කරුණු දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ, කිසිදු රටක ත්‍රස්තවාදීන්ට නඩු නොදමා රටේ නායකයාට නඩු පැවැරීමක් සිදු නොකරන බව ය.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින්,
“පාස්කු ප්‍රහාරයට අද වෙනකල් හිරේ ඉන්න අත්අඩංගුවට ගත්ත බරපතළ ත්‍රස්තවාදීන් විශාල පිරිසකට නඩු දාලා නෑ . එතකොට ඒ මේ ලෝකේ කොහේවත් රටක ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවුණාම ත්‍රස්තවාදීන්ට නඩු දාන්නේ නැතුව ඒ රටේ රාජ්‍ය නායකයාට නඩු දාලා නෑ. අමෙරිකාවේ සැප්තැම්බර් 11 සිද්ධියේදී 50,000ක් මැරිලා ජනාධිපතිවරයට තියා ආරක්ෂක හෝ බුද්ධි අංශවලටවත් නඩු දැම්මේ නෑ.අපේ රටත් එක්ක ලෝකේ රටවල් 27කට පාස්කු ප්‍රහාරය එල්ල වුණා.ඒ කිසි ම රටක රාජ්‍ය නායකයෙක් මේ සම්බන්ධයෙන් වැරදිකාරයෙක් කරලා නඩුවක් දාලා නෑ. මේකට මාව චූදිතයෙක් කිරීම සම්පූර්ණයෙන් ම දේශපාලන කුමන්ත්‍රණයක් කියන එක මම බොහොම පැහැදිලිව කියනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...