මෙරට කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
මෙරට කැසිනෝ කර්මාන්තය නියාමනට සඳහා 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත සහ 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත මගින් විධිවිධාන පනවා ඇති අතර, 2010 අංක 17 දරණ පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙනයෑමට බලපත්‍ර දිය යුතු බව අප වෙත අදහස් දැක්වූ ජේෂ්ඨ නීතිඥ මහතෙකු අප හා පැවසුවේය.
කෙසේ වුවද එකී පනතේ විධිවිධාන බලාත්මක කිරීමට අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කර නොතිබීම හේතුවෙන් මේ දක්වා එම පනත යටතේ කිසිඳු කැසිනෝ ව්‍යාපාරයකට බලපත්‍ර නිකුත් කර නොමැති බැවින් දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි බදු අයකරගැනීමට අපහසු වී ඇතැයි ද මේ සම්බන්ධයෙන් අගමැතිවරයා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව මගින් කියවේ.
එබැවින් එවැනි ව්‍යාපාර නියාමනය කිරීමේ සහ රජයට අය විය යුතු බදු නියමිත පරිදි අයකරගැනීමේ අරමුණින් 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග නිකුත් කිරීමටත්, 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට අවශ්‍ය සංශෝධන හඳුන්වාදීමටත් පියවර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...