දේශීය පුවත්

අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(05) දිනයේ පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාස හයක් තුළ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරන නිසා නිසා තමන් ඊට සහාය දෙන බවයි. ඒ වෙනුවෙන් අනුර දිසානායක මහතාට අවශ්‍ය නම් තමන් අගමැති ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

“අද වන විට ලංකාව පවතින්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස නොව බංකොලොත් රටක් ලෙසයි.මේ වසර අවසන් වන විට අපි ඩොලර් මිලියන 3,489 ක ණය ගෙවීමට බැඳී ඉන්නවා. 2023 දී ඩොලර් මිලියන 5,862 ක්, 2024 දී ඩොලර් මිලියන 4,916 ක්, 2025 දී ඩොලර් මිලියන 6,287 ක්, 2026 දී ඩොලර් මිලියන 4,030 ක් සහ 2027 දී ඩොලර් මිලියන 4,381 ක් වැනි ණය ප්‍රමාණයක් ගෙවීමට තිබෙනවා.ඒ කියන්නේ අපිට ඩොලර් බිලියන 28ක් ගෙවන්න වෙනවා. මෙන්න මේ වගේ තැනක තමයි අපේ ණය බර තියෙන්නේ.

2021 අවසානයේ රජයේ මුළු ණය බර රු. මිලියන 17,589 කි. 2022 මාර්තු වන විට එය රු. මිලියන 21,969 කි. මේක තමයි ඇත්ත තත්ත්වය. අද අපේ ජාතික ණය ප්‍රතිශතය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 140%යි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව 2032 වන විට දළ දේශීය නිෂ්පාදිතය සියයට 95ක් බවට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද අපේ ආදායම රටේ දළ දේශීය ආදායමෙන් 7.3%ක්. 2026 වන විට එය 14%ක් බවට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

මේ සංඛ්‍යාලේඛන දිහා බැලුවොත් රටට වෙලා තියෙන දේ ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා.එනිසා ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වූයේ එම සීමාවේ සිටයි.  අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන පරිදි මාස 06ක් ඇතුළත ආර්ථිකය ගොඩගැනීමට හැකියාවක් ඇත්නම් එජාප නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතාට අවස්ථාව ලබාදීමට මම සූදානම්. රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කිසියම් අයකුට මාස හයක් ඇතුළත හැකියාව ඇත්නම් එම පුද්ගලයාට නොබෙල් සම්මානය ලබා දිය යුතුයි.” අග්‍රාමාත්‍යයවරයා සිය කථාවේදී අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More