යුක්රේන හමුදාවේ අවසන් බලකොටුව පිහිටා තිබූ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුවට (LPR) අයත් ප්‍රදේශයෙන්ද පලවා හැරිය බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මහතා පසුගිය ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය. රුසියානු ආරක්ෂක හමුදාව ඒම ප්‍රදේශය මුදවා ගත් පුවත ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත වාර්තා කළ බවද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන බවද රුසියානු මාධ්‍යය පවසා සිටී.
යුක්‍රේනයේ කියෙව්හි හිටපු පාලන තන්ත්‍රය 2014 වර්ෂයේ කළ කුමන්ත්‍රණයෙන් ටික කලකට පසු ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුව සිය නිදහස ප්‍රකාශයට පත් කළේය. මේ අතර පසුගිය පෙබරවාරි 24 වනදා සිට මේ දක්වා රුසියානු හමුදා යුක්‍රේනයේ සිදුකරන මානුෂික මෙහෙයුමේදි කියෙව්හි පාලනය යටතේ පැවති අවසාන ප්‍රධාන නගරය වන ලිසිචාන්ස්ක් නගරය රුසියානු හමුදා සහ ඩොන්බස්ස් හමුදා සම්පූර්ණයෙන්ම අල්ලා ගත් බවද රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මාධ්‍යය වෙත පැවසුවේය.
රුසියානු හමුදා සහ යුක්‍රේන හමුදා අතර මෙම සතිය මුලදී ලිසිචාන්ස්ක් අවට දරුණු සටන් වාර්තා කළ අතර, නගරයේ පිහිටි තෙල් පිරිපහදුව අසල වඩාත් දරුණු සටන් සිදූ වූ බවද වාර්තාවිය.
රුසියානු හමුදා ලිසිචාන්ස්ක් නගරය අත්පත් කර ගත් පුවත වාර්තා වන්නේ පසුගිය සතියේදි සෙවර්ස්කි ඩොනෙට්ස් ගඟට විරුද්ධ පැත්තේ පිහිටි අසල නගරයක් වන සෙවෙරොඩොනෙට්ස්ක් ප්‍රදේශයෙන් යුක්රේන හමුදා පසුබැසීමෙන් පසුවය. සෙවරොඩොනෙට්ස්ක් ප්‍රදේශය ආශ්‍රිතව දෙපිරිස අතර සටන මාස කිහිපයක් තිස්සේ පැවතුනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...