දේශීය පුවත්

අමාත්‍ය විමලවීර දිසානායක මහතා හැඬූ කඳුළින් යුතුව ප්‍රශ්න කරනු ලැබුවේ මුළු රටක් ලෙයින් තෙත් කළ මිනීමරු ප්‍රභාකරන් මරා දැමූ අවස්ථාවේදී එදා කිරිබත් කා රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීතිඝෝෂා පැවැත්වූ මේ රටේ සමහරුන් මිනීමරු ප්‍රභාකරන් විනාශ කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැරෙන තුරු රතිඤ්ඤා ලෑස්ති කරගෙන අද බලා සිටීම කෙතරම් අභාග්‍යසම්පන්න තත්වයක්ද යනුවෙනි.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙවැනි කරුනු නිසා මතු ආත්මයකදීවත් මේ දෙරණේ නොඉපදින්නට තමා ප්‍රාර්ථනා කරන බවයි.

“මහින්ද රාජපක්ෂ මහතා කුමන අඩුපාඩු තිබුණත් මේ රටට යම් තීරණාත්මක මෙහෙවරක් කළ ඓතිහාසික චරිතයක් එවැනි පුද්ගලයකු මැරෙන තුරු අකෘතඥ පිරිසක් මෙලෙස බලා සිටීම අතිශයින්ම ඛේදජනක තත්වයක්.
මිනිසකු නොව සතෙකු මිය ගියත් මම සතුටු වන පුද්ගලයකු නොවෙයි. වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගිය දිනයේ බොහෝ දෙනෙකු රතිඤ්ඤා පත්තු කළද මම එසේ නොකළේ මිනිසෙකු මිය යෑම සතුටුවිය හැකි සිද්ධියක් නොවන නිසයි.
මහින්ද රාජපක්ෂ මහතා තමාට පෙරේදා දිනයේ කතා කළා. එතුමා ඉතා හොඳ සුවයෙන් පසුවනවා.
අසාධ්‍ය තත්වයෙන් පසුවන බවට සමහරුන් ප්‍රචාර ගැන මම ඔහුට පැවසූ විට රාජපක්ෂ මහතා ” ඕවා ඔහොම තමයි විමලේ..මට අසාධ්‍යයි කියලා මම වත් දන්නෙ නෑ ” යනුවෙන් පවසා මහ හඬින් සිනාසුනා.” යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More