පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් පවතින ආණ්ඩුව පෙරලා දමා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට කරන ලද යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වූ හවුල්කාර පක්ෂ විසින් ප්‍රතික්ෂේප කර ඇති බව එම පක්ෂ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසයි.
වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මගින් මෙම යෝජනාව නාමල් රාජපක්ෂ මහතා එම පක්ෂ වෙත ඉදිරිපත් කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
කෙසේ වුවද එම පක්ෂ නායකයන් විසින් අදාල යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර පවතින අර්බුදයට රාජපක්ෂලාද වග කිය යුතු බැවින් ඔවුන් සමග තවදුරටත් ආණ්ඩු කළ නොහැකි බවද පැවසේ.
එලෙසම නාමල් රාජපක්ෂ මහතා සමඟ මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකිරීමට ද පක්ෂ නායකයන් තීරණය කර ඇති බවද එම වාර්තා පවසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...