මාධ්‍යය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසුවේ ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිදුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ” ගෙනැවිත් තිබෙන 22වෙනි ව්‍යයවස්ථා සංශෝධනය 19 වැනි සංශෝධනයට වඩා හාත්පසින්ම වෙනස්. එම ව්‍යවස්ථා සංශෝධනය මගින් වත්මන් ජනපතිවරයාට ධූර කාලය අවසන් වන තුරු 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බලතල මෙන්ම තවත් බලතල ලබාදී තිබෙනවා. අපි එයට කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. වත්මන් ආණ්ඩුවේ වැරදි දේශපාලන, ආර්ථික හා සමාජ කළමනාකරණය හේතුවෙන් රට අවුරුදු 70කින්, 80කින් ආපස්සට ගොස් ගැබිණි මව්වරුන්ට නිවෙස්වල දරු ප්‍රසූතිය සිදුකරන්නට වන තත්වයට පත්ව තිබෙනවා. ආණ්ඩුව නුසුදුස්සන්ට තනතුරු දී කළ වරැද්ද නිවැරදි කරගන්නට තවමත් සූදානම් නැහැ.” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...