දේශීය පුවත්

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති යූරි මැටෙරි මහතා වෙත රටේ ආර්ථික අර්බුදයෙන් මිදීමට ගෙන ඇති පියවර පිළිබඳව දැනුවත් කර ඇති අතර විශේෂයෙන් ඉන්ධන සම්බන්ධයෙන් ඇති තීරණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කළ බව විදෙස් කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

රුසියානු තානාපතිවරයා බ්‍රහස්පතින්දා (ජුනි 29) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී මෙම දැනුවත් කිරීම සිදු කළ බවද විදෙස් කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

2022 වර්ෂය වන විට රුසියානු ශ්‍රී ලංකා රාජ්‍යයතාන්ත්‍රික සබඳතා වලට වසර 65 පිරීම නිමිත්තෙන් බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම අරමුණු කරගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ජී එල් පීරිස් සහ තානාපති යුරි මැටේරි අතර සාකච්ඡා පැවැත්වී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

රුසියානු තානාපති යූරි මැටෙරි මහතා විසින් ශ්‍රී ලංකාවට රුසියානු සමූහාණ්ඩුවේ සහය ලැබෙන බවට අමාත්‍යවරයාට සහතික වූ අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අපේක්ෂිත කටයුතු දිරිමත් කිරීම සඳහා සහයෝගීතාව දිරිමත් කරන බවද පවසා ඇතැයි වාර්තා වේ.

මොස්කව් සිට කොළඹට ඉන්ධන සැපයීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ දුරකථනයෙන් කතා කිරීමෙන් පසුව මෙම හමුව සිදුව ඇති බවද එම වාර්තා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More