දේශීය පුවත්

මේ දිනවල කටාරයේ සංචාරයක නිරත වන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා ඊයේ(30) දිනයේ දී කටාර් චැරිටි සංවිධානයේ නියෝජිතයන් මුණ ගැසී කළ සාකච්ඡාවක් අතර තුර අදාල සංවිධානයට එරෙහිව ලංකාව පනවා ඇති තහනම ඉවත් කිරීමට තීරණය කර තිබෙන බව එම නියෝජිතයන්ට දැනුම් දී ඇති බව වාර්තාවේ.

මත භේදයට තුඩු දුන් කටාර් චැරිටි සංවිධානය 2019 වසරේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ්තාගේ සෘජු මැදිහත්වීම යටතේ රජය විසින් තනහම් කරන ලදී.

එවකට පොලිසිය භාර අමාත්‍යවරයා වූ ආචාර්ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ, කටාර් චැරිටි, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන බවයි.

කටාර් චැරිටි සංවිධානයට එරෙහිව රජය එල්ල කළ එම චෝදනාව උපයෝගී කරගනිමින් නීතීඥ හිජාස් හිස්බුල්ලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනීමට ද රජය කටයුතු කළේය.

හිටපු අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ හිජාස් හිස්බුල්ලාගේ සභාපතීත්වයෙන් යුතු සේව් ද පර්ල් නම් සංවිධානයට, කටාර් චැරිටි වෙතින් රුපියල් මිලියන 13 ක් ලැබී ඇති බවයි.එහිදි අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේ, කටාර් චැරිටි ත්‍රස්ත සංවිධානයක් බවත්, එම සංවිධානයෙන් මුදල් ලබා තිබෙන නීතීඥ හිජාස් හිස්බුල්ලා ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවෙකු බවයි.

මේ අතර එවකට රජය කටාර් චැරිටි සංවිධානය සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ග මෙන්ම නීතීඥ හිජාස් හිස්බුල් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් දැඩි විරෝධයක් රජයට එරෙහිව එල්ල කිරීමටද කටයුතු කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More