දේශීය පුවත්

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වයස අවුරුදු දෙක හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියා සඳහා විදේශගතවීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට අනුමැතිය හිමිව ඇති බව වාර්තාවි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසන්නේ ,ගෘහ රැකියා සඳහා විදේශගත කාන්තාවන් විදේශගතවීමේදී ඔවුන්ට වයස අවුරුදු 5ට අඩු දරුවන් නොසිටින බව තහවුරු කරගැනීම සඳහා ‘පවුල් පසුබිම් වාර්තාවක්’ ඉදිරිපත් කිරීම අනිවාර්ය අතර, එයින් කාන්තා අයිතිවාසිකම් කෙරෙහි බලපෑමක් සිදුවන බවට කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව අන්තර්ජාතික වාර්තා කිහිපයකින්ම පෙන්වා දී ඇති බවයි.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ප්‍රකාශයට අනුව ඇතැම් අවස්ථාවලදී එම වාර්තාව ලබාගැනීම සඳහා සුදුසුකම් සපුරා තිබුණ ද ඇතැම් නිලධාරීන් විවිධ හේතු මත එම වාර්තා ප්‍රමාද කරමින් අදාළ කාන්තාවන් අපහසුතාවයට පත්කරන බවට කරුණු ඉදිරිපත් වී ඇති බවත්, එමෙන්ම අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට සුදුසුකම් නොමැති කාන්තාවන් ද නීති විරෝධී ආකාරයෙන් විදේශගත වී විවිධ ගැටලුවලට මුහුණ පා ඇත.

මේ සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන අදාළ තීරණය ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More