මොස්කව් සිට කොළඹට ඉන්ධන සැපයීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර ඇති බව මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අනුව, ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ද සංචාරය කිරීමට බලාපොරොත්තු වේ.
මේ අතර ජූලි 10 වැනිදාට පෙර මෙරටට ඉන්ධන ලබා ගැනීම සඳහා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසුවේය.
මේ වන විට විදේශ විනිමය හිඟයෙන් පෙළෙන රටට ඉන්ධන සැපයීම සඳහා රජය වෙනත් ජාතීන් ගණනාවක් වෙත යොමු වෙමින් සිටී.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචනා විජේසේකර සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මේ වන විටත් කටාර් රාජ්‍යය වෙත පැමිණ සිටින්නේ ඉන්ධන ලබා ගැනීමට සහ රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව කටාර් නිලධාරීන් දැනුවත් කිරීමට බවද කියවේ.
ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නිෂ්පාදන, ද්‍රව පෙට්‍රෝලියම් වායු (LPG) සහ ද්‍රව ස්වභාවික වායු LNG) සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඔවුන් කටාර්හි බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සහ කටාර් බලශක්ති සමාග්මේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සාඩ් ශෙෆ්‍රිඩා අල් කාබි හමුවී ඇති බවද වාර්තාවේ. කටාර් රාජ්‍යය සතු ඛනිජ තෙල් සමාගමක් වන “කටාර් එනර්ජි” සහ “දි කටාර් ඩිවෙලප්මන්ට් ෆන්ඩ්” යන ආයතන වල සහාය ඇතිව බලශක්ති අර්බුදය ජය ගැනීම ශ්‍රී ලංකාවේ අභිප්‍රාය වී තිබේ.
ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් සහ ගෑස් සැපයීම සඳහා ලබාදිය හැකි ණය පහසුකම් පිළිබඳ සාකච්ඡාවක් සඳහා අමාත්‍ය විජේසේකර මහතා කටාර් සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ද මේ වන විට හමුවී තිබේ.
ඔහු කටාර්හි වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා සමඟ බලශක්ති සහ අනෙකුත් අංශවල ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...