දේශීය පුවත්

රුසියානු රාජ්‍යයට අයත් එරෝෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානය සම්බන්ධයෙන් වූ නඩුව පිළිබඳ මෙරට අධිකරණයක් මගින් තවදුරටත් නියෝග නිකුත් කරන්නේ නම්, එය දෙරට අතර පවතින ගිවිසුම්වලට අගතිදායක විය හැකි බවත් ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රතිපත්තිවලට ද පටහැනි බ්වත් ඒ අනුව එම නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහ්තා කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා හමුවේ ඊයේ ඉල්ලා සිට ඇති බව අප උසාවි වාර්තාකරුවෝ පවසති.

කොළඹ වානිජ මහාධිකර්ණය ඉදිරියෙ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ඉල්ලීම කරණු ලැබූ බවද එම වාර්තා පවසයි.

අප උසාවි වාර්තා කරුවෝ වැඩිදුරටත් පවසන්නේ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා කරුණු දක්වමින් පවසා සිට ඇත්තේ මෙම නඩුවේ පැමිණිලිකාර සමාගම වන අයර්ලන්ත සමාගම විසින් බලය අයුතු ලෙස පාවිච්චි කරමින් අධිකරණයට කරුණු වසන් කරමින් ගුවන් යානය මෙරටින් පිටවීම් වළක්වාලන වාරණ නියෝගයක් ලබාගෙන ඇති බවයි.

මේ වන විට අධිකරණය මගින් නිකුත් කර තිබූ වාරණ නියෝගය විසුරුවා ඇති බැවින් මෙම නඩුව ද තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වාදුන් බවද එම වාර්තා පවසයි.

මේ අතර විත්තිකාර ඒරොෆ්ලොට් ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය මගින් නිකුත් කර තිබූ වාරණය විසුරුවා හැර එම ගුවන් යානය රුසියාව වෙත ගමන් කළ නමුත් මේ වන තෙක් වෙනත් කිසිදු රුසියානු සමාගමකට අයත් ගුවන් යානයකට මෙරටට පැමිණීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ප්‍රකාශ කළ බවද එම වාර්තා පවසයි.

සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් බැවින් ලබන පස්වන දින සිට විමසීම ආරම්භ කර කරුණු සලකා බලා අනතුරුව නියෝගයක් නිකුත් කරන බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බව පවසන එම වාර්තා ඒ අනුව මෙම නඩුව නැවත ලබන ජූලි මස 5 වන දින කැඳවීමට නියමිත බවද පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More