දේශීය පුවත්

ඉන්දියානු අයි ඕ සී සමාගම විසින් අපනයනකරුවන්ට ඉන්ධන ලබාදීම සඳහා ඩොලර් වලින් ගෙවීම් සිදු කළ යුතු බවට කළ ඉල්ලීම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිඅය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. එම සංවිධානයේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස් ඔහුගේම වචනයෙන්..

“දැනට පවතින තත්වය යටතේ එය නීති විරෝධී ඉල්ලීමක්. මහ බැංකුව ඊට අවසර දී නැහැ.නමුත් එම ඉල්ලීම මගින් පැහැදිලි වෙනවා අර්බූදය ක්‍රමයෙන් උත්සන්න වන තත්වයක් යටතේ ඔවුන් අවසානයේදී කරන්නට හදන්නේ කුමක්ද කියන එක. ඔවුන්ට හැකියාව තිබෙනවා වසර අගදී ගෙවීම සඳහා ඉන්දියාවේ මව් සමාගමින් තෙල් තොග ණය පදනම යටතේ ආනයනය කිරීමට.

නමුත් ඒකට උදව් කරන්න ඔවුන් සූදානම් නැහැ. ඔවුන්ට අවශ්‍යය අර්බූදය උත්සන්න කරමින් ආණ්ඩුවේ අත අඹරා තම දේශපාලන උපාය මාර්ගික අත්පත් කර ගැනීම් ප්‍රමාණය කෙටි කාලීනව අත්පත් කර ගන්න. දැන් විදුලි බල ක්ෂේත්‍රයේ,වරාය,ගුවන් සේවා, ගුවන් තොටුපල ආදිය අත්පත් කරගන්නවාට අමතරව ඛනිජ තෙල් පනත,විදුලි බල පනත වැනි පනත් සංශෝධනය කරමින් ඉතා සූක්ෂම ආපදා අධිරාජ්‍යයවාදී මෙහෙයුමක් ක්‍රියාත්මකයි. ඒත් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ පවා ඉන්දියාවේ පදයට නටන නිසා තමයි වෘත්තීය සමිති පවා බලය යොදා ඊට විරුද්ධ නොවන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More