ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයේ ඔස්ට්‍රේලියානු කලාපයේ මාධ්‍යය ප්‍රකාශක රංජිත් සොයිසා මහතා ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් අර්බූදය විසඳීමේදී රුසියානු සහය ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා ලීඩ් පුවත් අඩවිය වෙත අදහස් දැක්වීය. ඒ මහතාට අනුව රුසියාව සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මට්ටමින් සාකච්ඡා අරඹන්නේ නොමැතිව රුසියාවෙන් ආධාර උපකාර ලබා ගැනීමට හැකියාවක් නැත.
ඒ මහතා දැක්වූ අදහස්,
“ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය දුරකථනයෙන් රුසියානු ජනාධිපතිට කතාකර තෙල් සහ ගෑස් දීර්ඝකාලීන ස්ථිර සැපයුමකට රුසියාවේ එකඟතාවය ඉල්ලා සිටිය යුතුය. ඊයේ පෙරේදා පත්වූ ඇමතිවරු රුසියාවට යැවීමෙන් පලක් වන්නේ නැත. මහා බලවතෙකුවන රුසියාව සමඟ රාජ්‍යයතාන්ත්‍රිකක සබඳතා ඇතිකර ගත හැක්කේ ඉතාමත් ඉහළ මට්ටමකිනි. ජනපති ගෝඨාභයට ඔහු ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ සමයේදී සමහර බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුලුවේදී ශ්‍රී ලංකා විරෝධි වැඩ සටහන් ක්‍රියාත්මක කරද්දී ශ්‍රී ලංකාව ආරක්ෂා කළේ ජනපති පූටීන්ගේ රුසියාව බව අමතක වන්නට හේතුවක් නැත.
ජනපති ගෝඨාභය රුසියාවට යෝජනා කළ යුත්තේ අපගේ ඉන්ධන අවශ්‍යතා දීර්ඝකාලීනව සුරක්ෂිත කරලීම සඳහා ආධාර කිරීමත් සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමටත් ආධාර කරන ලෙසය. දැනට තෙල් පිරිපහදුව අබලන් තත්ත්වයක තිබේ. පිරිපහදුව නවීකරණය කිරීමෙන් අපගේ තෙල් සැපයුම වැඩිවන අතර රටට අවශ්‍ය වැඩි පොහොර ප්‍රමාණයක් සපයාගත හැක. රුසියාව මීට ප්‍රථමයෙන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමේ යෝජනාවක් ඉදිරිපත්කර තිබුණද ශ්‍රී ලංකාවේ පැවතුණු ආණ්ඩු ඒ ගැන සැළකිලිමත් නොවීය.
මේ අවස්ථාවේදී රුසියානු සහය අපේක්ෂා කිරීමේදී බටහිර රටවල් සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල අසතුට පළ කරන්නේ නම් අගමැති රනිල් සහ මහ බැංකු අධිපති දැනට ශ්‍රී ලාංකික ජනතාව දිනපතා මුහුණපාන කරදරකාරී තත්ත්වයත් තෙල් සහ ගෑස් හිඟවීම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෘෂිකර්මාන්තය, කර්මාන්ත, අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා ප්‍රවාහනය ආදී ක්ෂේත්‍රයන් සීඝ්‍රයෙන් බිදවැටෙමින් පවතින බවද, පෝලිම්වල සිටින ජනතාවගේ අසහනකාරී හැසිරීම නිසා සාමයට බාධා ඇතිවන බවද වාර්තා කළ යුතුය.
ජනපති මේ සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් නොපෙන්නුවහොත්, ශ්‍රී ලාංකික ක්‍රීකට් ක්‍රීඩාලෝලීන් ඔස්ට්‍රේලියාවට දැන්වීම් පුවරු මගින් යැවු සුහද පණිවුඩය අනුගමනය කරමින් පාරක්, පාරක්ගානේ සහ තෙල් පිරවුම්හල් සහ ගෑස් විකුණන ස්ථාන අසල ‘ජනපති ගෝඨාභය තෙල් සහ ගෑස් ලබා ගැනීමට ජනපති පූටින්ට දැන් කතා කරන්න’ යන පුවරු ප්‍රදර්ශණය කළ යුතුයි.”.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...