අපේ රටේ කැබිනට් මණ්ඩලය යනු බංකොළොත් පුද්ගලික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් වැනි නාස්තිකාර කටයුත්තකි. ඒ නාස්තිකාරත්වයට අමතරව විනාශය ගෙන ඒමේ නියෝජිත ධුරය ද ඉටු කරන්නේ මේ කැබිනට් මණ්ඩලයම ය. ඊටම සරිලන ජාඩියට මුඩියවන් මහ බැංකුවක් ද අප සතුව ඇත. ඒහි නැත්තේ මුදල් පමණි. පුරාජේරුව මුදල් කළ හැකිනම්, උද්දච්චකම මුදල් කළ හැකි නම් අපේ මහ බැංකුව ලොව පොහොසත්ම බැංකුව වන බවට විවාදයක් නැත. තම කූඨ අරමුණු වෙනුවෙන් මළකදන් මතින් ඇවිද යාම කලාවක් නම් එහි පිකාසෝ ගෙස ටම් දක්වා කිරුළු පැළද සිටි හිට්ලර්ලා, ඉඩි අමින්ලා ලැජ්ජාවය පත් කොට පළවා හැරිය හැකි තරමේ දක්ෂයන්ගෙන් අපේ කැබිනට් මණ්ඩලය පිරී ඉතිරී ඇත.
රටේ ඉන්ධන සැපයුම ඉන්දියාවට පාවාදීම
අද එනම් 2022.06.27 දින ඉදිරිපත් කිරීමට නියමිත කැබ්නට් පත්‍රිකාවක ආරංචිය මෙසේය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින ඉන්ධන පිරවුම්හල් වෙනත් සමාගම් වෙත ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවදානය යොමුව ඇති බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට (27) දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එලෙස ලබාදීමේදීඅඩුම වශයෙන් අවුරුද්දක හෝ මාස 6 ක කාලයක් ඔවුන්ගේ සමාගම්වලින් ණය පදනම යටතේ රටට ඉන්ධන ආනයනය කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
IOC වැනි ඉන්ධන නිෂ්පාදනය කරන රටවල්වල සමාගම් සඳහා සංස්ථාව සතු පිරවුම්හල් 1,690ක් කොටස් වශයෙන් අදාළ සමාගම් වෙත ලබාදීමට යෝජනා කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඒ අනුව ලංකාවේ ඉන්ධන සැපයුම් ජාලයේ තනි අයිතිය ඉන්දියාව අතට පත්වන බව පැහැදිලිය. රටේ ජාතික ආරක්ෂාව භාරව සිටින විධායකය විසින් රට ආරක්ෂා කරනුයේ එලෙසිනි.
Defaulting ISB හරහා රටේ දේපල වෙන්දේසි කරවීම
මේ තවත් ආරංචියකි.
ලබන මාසයේ කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීමට නියමිත බවට මහ බැංකු අධිපතිවරයා කර ඇති ප්‍රකාශය අනුව යමින් තම මුදල හා පොලීය සම්පූර්ණයෙන් ගෙවන ලෙස ඉල්ලා නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයට Hamilton Reserve Bank Ltd, විසින් අඟහරුවාදා නඩුවක් ගොනු කළේය. 2022 ජූලි 25 වන දිනට කල්පිරීමට නියමිත, 5.875% ක පොලී අනුපාතයක් යටතේඩොලර් මිලියන 250 කට අධික වටිනාකමක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර එම බැංකුව සතුව ඇත.
ජාත්‍යන්තර බැදුම්කර නොගෙවන බවට අපේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කිරීමෙන් පසු ඇමරිකානු සමාගමක් විසින් ශ්‍රී ලංකා රජයට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. ඒ නඩු පැවරීම සදහා අධිකරණ බලය ඇත්තේ අමරිකාවේ නිව්යෝර්ක් අධිකරණයට බවත්, ඒ අධිකරණ නියෝග මගින් ශ්‍රී ලංකාවට අයත් දේපල අත්පත් කරගැනීමේ නියෝග ලබාගත හැකි බවත් දැන දැනම මහ බැංකු අධිපතිවරයා මේ ප්‍රකාශය නිකුත් කර ඇත. එසේම රටේ පවතින සංචිත ප්‍රමාණයට දරාගත රනාහැකි තරමට හිටපු මහ බැංකු අධිපති සහ දැනට ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශක ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් මේ බැදුම්කර නිකුත් කිරීම ද සිදුකර ඇත.
දැනට ඇමරිකානු අධිකරණයේ පවරා ඇති නඩුව මගින් තවමත් රටට එරෙහි තීන්දුවත් ලබා දි නැත්තේ අදාල පැහැරහැරීම තවමත් සිදුව නොමැති බැවිනි. නඩුව පවරා ඇත්තේ හුදෙක් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ ප්‍රකාශය මත පදනම් වෙමින් වන බැවිනි. දැන් ඉතිරිවඇත්තේ පැහැර හැරීම ය. ඒ් තීන්දුව ද මහ බැංකු අධිපති විසින්ම ගත හැකිය. මේ සියල්ල එකම සැලසුමක කොටස් වන බැවින් ඒ පැහැර හැරිම සිදුකළ පසු අපට අයත් කවර හෝ දේපලක් තහනමට ගෙන අත්පත් කරගැනීමේ බලය අදාල ණය හිමියාට ලැබේ. ඒ් අනුව මෙරටට පැමිණිමට නියමිත ඉන්ධන නැවක්, ඖෂධ තොගයක්, වෙනත් කවර හෝ සැපයුමක් පමණක් නොව අප විසින් විවෘත කරනු ලබන ණයවර ලිපි පවා තහනමට ගැනීමේ බලයක් අදාල ණය හිමියාට ලැබේ. එපමණක් නොව රජය සතු ඉඩම් පවා හදුනාගෙන ඒවා අත්පත් කරගැනීමේ බලය සහ නැවත වැඩිම බල්ලුම්කරුට විකිණීමේ හෝ භාවිතා කිරීමේ බලය ද මෙයින් ණයකරුට හිමිවනු ඇත.
එවිට ඩයස්පෝරාවට ඔවුන් සතුව පවතින්නේයයි කියනු ලබන මුදල් යොදවා ඔවුන්ට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ලබාගත හැකිවනු ඇති අතර ලොව කවර හෝ රජයකට හෝ සමාගමකට ද තහනම් කරන ලද මෙරට දේපලින් තමනට අවශ්‍ය ප්‍රමාණය මිලදී ගත හැකිවනු ඇත.
නීතීඥ කපිල ගමගේ – මව්බිම ලංකා පදනම
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...