22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස මෙතෙක් සඳහන් කර තිබූ සංශෝධනය සත්‍ය වශයෙන්ම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය වනු ඇත්තේ තවත් කෙටුම්පතක් 21 වැනි සංශෝධනය ලෙස දැනටමත් ගැසට් කර ඇති බැවිනි.
පසුගිය සතියේ, පුළුල් සාකච්ඡාවලින් පසු කැබිනට් රැස්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සභාගත කර සම්මත කරන ලදී.
22 වැනි සංශෝධනය ජූනි 06 වැනි දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ඇමැති විජයදාස රාජපක්ෂ විසින් වන අතර ඒ පිළිබඳ සාකච්ඡාව අවස්ථා කිහිපයකදීම කල් දමා තිබුණේ එකඟතාවකට පැමිණීමට අපොහොසත් වීම හේතුවෙනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක ජනාධිපතිවරයා කෙරෙහි පාර්ලිමේන්තුවට බලය පැවරීමටත්, 19 වැනි සංශෝධනය අහෝසි කිරීමෙන් පසු ජනාධිපතිවරයාට අසීමිත බලතල ලබා දී තිබූ 20 වන ව්‍යවස්ථාව අවලංගු කිරීමටත් අපේක්ෂා කෙරේ.
22 වන සංශෝධනය යටතේ ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය සහ ජාතික සභාව පාර්ලිමේන්තුවට වග කිව යුතු අතර කාරක සභා පහළොවක් සහ අධීක්ෂණ කාරක සභා ද පාර්ලිමේන්තුවට වගකියනු ලැබේ.
කෙසේ වුවද සංශෝධනයේ අවසන් කෙටුම්පත තවමත් ප්‍රසිද්ධියට පත් කර නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...