දේශීය පුවත්

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් රුසියානු තානාපති යූරි මැටේරි (‍Yury Materiy) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ(27) හමුවූ බව පවසයි.

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අදාල හමුව සිදුවූ බව පවසන ජානාධිපති මාධ්‍යය ඒකකය,ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව සඳහා 2022 දී 65 වසරක් සැපිරෙන බවත් දෙරට අතර පවතින ශක්තිමත් රාජ්‍ය සබඳතාව සහ මිත්‍රත්වය සිහිපත් ජනාධිපතිතුමා කළ බවද පවසයි.

එහිදී ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් මර්දන ක්‍රියාවලියේ දී මෙන්ම අවැසි සෑමවිටම රුසියාවෙන් ලැබෙන සහාය පැසසුමට ලක් කළේය.

තේ සඳහා රුසියාවෙන් ඇති ඉල්ලුම තවදුරටත් වර්ධනය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ගුවන් ගමන්, අධ්‍යාපන, වෙළෙඳාම, පොහොර ඇතුළු වැදගත් ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපතිතුමා සහ රුසියානු තානාපති යූරි මැටේරි මහතා අතර සාකච්ඡාවට ලක් කළ බවද ජනාධිපති මාධ්‍යය අංශය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More