හිටපු අමාත්‍යය විමල් වීරවංශ මහතා ඊයේ(27) ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව මේ වන විට ආපදා අධිරාජ්‍යයවාදයේ ගොදුරක් බවට පත්ව ඇති බවත් මාස ගණනක් තිස්සේ රට තුල ගෑස්, පෙට්‍රල්, ඩීසල් ,ඖෂධ ආදී අත්‍යවශ්‍යය ද්‍රව්‍යය වල හිඟයක් ඇති කර රට තුල ආපදාවක් කෘත්‍රිමව නිර්මානය කර ඇති බවත්ය.
ඒ අනුව ජාතික රාජ්‍යයක් පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශ්‍යය වන ආර්ථික මර්මස්ථාන සියල්ල විකුණා දැමීමට අවශ්‍යය කටයුතු මේ වන විට සූදානම් බවද ඒ මහතා අවධාරණය කළේය. මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉතිරි පිරවුම් හල් සියල්ලම තෙල් ගෙනැවිත් බෙදා හැරිය හැකි රටකට විකුණ දැමිය යුතුය යන අදහස කාංචන විජේසේකර අමාත්‍යයවරයා ප්‍රකාශයට පත් කර ඇති බවත් පවසා සිටියේය.
එහිදී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ සාමාන්‍යය කාලයකදී රාජ්‍යය දේපල මෙතරම් සරලව විකුණා දැමිය නොහැකි බවත් මෙවැනි වචනයක් අමාත්‍යයවරයෙකුගේ කටින් පිටවූයේ නම් සේවකයන් දැවැන්ත උද්ඝෝෂණ කරන බවත්ය. එහෙත් ආපදා අධිරාජ්‍යයවාදයේ ගොදුරු බවට සේවකයන්ද පත්ව සිටින බැවින් එවැනි තත්වයක් පැන නොනගින බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා පවසා සිටියේ රට තුල පවතින ඩොලර් හිඟය නිසා අයි ඕ සී සමාගමද ඛනිජ තෙල් ගෙන්වා බෙදා හැරීම නවතා තබා ඇති තත්වයක් තුල සංස්ථාව සතු ඉතිරි පිරවුම්හල්ද වෙනත් රටකට පවරා දුන් පසු ඔවුන් අපේ රුපියල් වලට ඛනිජ තෙල් ගෙන්වා බෙදා හරිනවා යැයි කීම මුග්ධ ප්‍රකාශයක්ද බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...