දේශීය පුවත්

රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව ) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙරට ගෑස් සහ බොරතෙල් කැණීම සඳහා සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් මාර්ග සිතියමක් කඩිනමින් සකස් කරන්නැයි බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කැණීම් සඳහා විවිධ බාධා පවතින බව පෙන්වා දුන් බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරිහු මෙරට සැලසුම්කර ඇති ස්වභාවික වායු කැණීමේ ව්‍යාපෘති (LNG) සහ ඒ්වායේ වර්තමාන තත්වය පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කළහ.

මෙම කැණීම් සඳහා විදේශ රජයන්හි උපදෙස් අවශ්‍යවන්නේදැයි සාමාජික මන්ත්‍රීවරු විමසූ අතර ඊට ප්‍රතිචාර දැක්වූ දැක්වූ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ වෙනත් රජයන්ගෙන් එසේ උපදෙස් අවශ්‍ය නොවන බවයි.

මේ අනුව මෙම කැණීම් ඉක්මනින් සිදු කර අවසන් විය යුතු බව කෝපා කමිටුව නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේය.

මෙම කාරක සභාව රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන තිස්ස අත්තනායක, ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, උදය ගම්මන්පිල, හේෂා විතානගේ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, මොහොමඩ් මුසම්මිල්, දුමින්ද දිසානායක, වීරසුමන වීරසිංහ, (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, එස්. ශ්‍රීතරන්, බී.වයි.ජී. රත්නසේකර, අශෝක් අබේසිංහ සහ ප්‍රසන්න රණවීර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More