ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණ සිටින ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපඛ්ශ මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වූ බව ජනධිපති මාධ්‍යය ඒකකය පවසයි.
මේ අතර අද උදෑසන අමෙරිකානු නියෝජිත පිරිස අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බවද අග්‍රාමාත්‍යය මාධ්‍යය ඒකකය පැවසුවේය.
ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු දූත පිරිස තෙදින සංචාරයක් සඳහා ඊයේ පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.
නියෝජිත පිරිසට ආසියාව සඳහා භාණ්ඩාගාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රොත් සහ දකුණු සහ මධ්‍යම ආසියාවේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්වරයා වන තානාපති කෙලී කීඩර්ලින් ද ඇතුළත් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...