පුරවැසි කොලම

ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ
ගරු ජනාධිපති තුමනි,

කටුනායක ගුවන් තොටුපලේ භෞතික සම්පත් ගලවා ගෙන ගොස් යාපනය ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සහ යාපනය ගුවන් තොටුපල ජාත්‍යයන්තර සිවිල් ගුවන් ගමන් සඳහා විවෘත කිරීම මගින් රටට සිදුවන පාඩුව සම්බන්ධවයි

මේ වන විට සිවිල් ගුවන් තොටුපලක් බවට පරිවර්තනය කර ඇති පලාලි ගුවන් තොටුපල ජූනි 30 වනදා සිට ජාත්‍යයන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට අවශ්‍යය කටයුතු සිදුවෙමින් පවතින බව අපට දැන ගැනීමට ලැබී ඇත.එහෙත් අපට ලැබෙන තොරතුරු වලට අනුව යාපනය ගුවන් තොටුපලේ මගී මෙහෙයුම් සිදු කිරීමේදී මගීන් පරීක්ෂා කිරීමට අවශ්‍යය වන එක්ස් කිරණ යන්ත්‍ර පවා අවශ්‍යය පමණට සවි කර නොමැත. ඒ වෙනුවට කටුනායක ගුවන් තොටුපලේ තිබෙන එක්ස් කිරණ යන්ත්‍රයක් ගලවා ගෙන ගොස් යාපනය ගුවන් තොටුපලේ සවි කිරීමේ සූදානමක් පවතින බවද අප වෙත වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට එවීමට අදාලව එරට රජය කටුනායක ගුවන් තොටුපලේ ඇති ආරක්ෂක විධිවිධාන පිළිබඳව වෙනමම සමීක්ෂණයක් කර තිබේ. එම සමීක්ෂණ වාර්තා වලට අනුව ඕස්ට්‍රේලියානු සංචාරකයන්ගේ ආරක්ෂාව සැලසීමට අවශ්‍යය ප්‍රමානයට ආරක්ෂක උපකරණ කටුනායක ගුවන් තොටුපල සතුව නොමැත. එවැනි තත්වයක් තුල කටුනායක ගුවන් තොටුපල සතු සම්පත් රැගෙන ගොස් යාපනය ගුවන් තොටුපල හදිසි කර්තව්‍යයක් ලෙස ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමේ තර්කානුකූල භාවය පැහැදිලි නැත.

ඊට අමතරව කොපමන ගුවන් යානා ප්‍රමානයක් යාපනය ගුවන් තොටුපලෙන් මෙහෙයවීමට අපෙක්ෂිතද යන්න සහ කටුනායකින් මෙහෙයවීම් සිදු නොකර යාපනය ගුවන් තොටුපල හරහාම එම මෙහෙයුම් සිදු කරන්නට පෙළඹීමක් ඇති වීමට හේතු වූ කාරණා පැහදිලි නැත. එම නිසා දෙමළ ඩයස්පෝරාවට මේ වන විට ශ්‍රී ලංකාව තුල කටයුතු කිරීමට ඇති බාධාවන් ඉවත් කිරීමට සමාන්තරව මෙම හදිසි තීන්දුව ගනු ලැබූ බව පෙනීයයි. එසේම යාපනය ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා ඉන්දියානු රජය දැඩි විශේෂ ඉල්ලීමක් සිදු කළ බවද පසුගිය දිනවල වාර්තා විය. ඒ අනුව බාහිර බලපෑම්මත මෙම හදිසි ක්‍රියා මාර්ග ගනු ලබන බවට සාධාරණ සැකයක් මතුවේ.

ඒ සියල්ලට අමතරව ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සඳහා විකල්ප ගුවන් තොටුපලක් ලෙස මත්තල ගුවන් තොටුපල භාවිත කිරීම මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා වල ඉන්ධන ඉතිරි වීම මගින් රටට ලැබෙන ප්‍රතිලාභය ඉතා ඉහළය. එහෙත් යාපනය ගුවන් තොටුපල, කටුනායක ගුවන් තොටුපලට පැමිණෙන ගුවන් යානාව වලට විකල්ප ගුවන්තොටුපලක් ලෙස හෝ යොදා ගෙන ප්‍රතිලාභයක් ලබා ගැනීමට නොහැකි බව සිවිල් ගුවන් සේවා විශේෂඥයන්ගේ මතයයි .

වසරකට අධික කාලයක් රත්මලාන ගුවන් තොටුපලින් ජාත්‍යයන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ හිටපු පාලනාධිකාරිය විසින් සිදු කළ මහජන මුදල් නාස්තිය තවමත් ගණන් බලා නැත.

ලාභ ලබමින් තිබූ ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම අද වන විට පාඩු ලබන තත්වයට පත්ව තිබෙන බව ඔබතුමා ද දන්නා කාරණයකි. එවැනි තත්වයක් තුළ ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම මේ වන විට ගුවන් තොටුපලේ නඩත්තුවට අත්‍යවශ්‍යය තාක්ෂණික උපකරණ මිලදී ගැනීම් පවා නවතා ඇති බවද අප වෙත දැනගන්නට ලැබී තිබේ.

ඒ අනුව සුදු අලියෙකු බවට පත් වීමට නියමිත සහ ජාතික ආරක්ෂාවටද තර්ජනයක් විය හැකි මෙන්ම ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ දැනට පවතින අලාභය තවදුරටත් තීව්‍ර වන ලෙස යාපනය ගුවන් තොටුපල අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සඳහා විවෘත කිරීමට ගනු ලබන උත්සාහය වැලැක්වීමට පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

වෛද්‍යය වසන්ත බණ්ඩාර,
ලේකම්,
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය.

පිටපත්,
1)ගරු සිවිල් ගුවන් සේවා අමාත්‍යය නිමල් සිරිපාල ද සිල්වා මහතා
2)සභාපති ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම
3)සියලුම ජනමාධ්‍යය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More