අධිවේගී මාර්ගයේ යතුරුපැදියක් පදවා අනතුරක් සිදුකළ පොලිස් කොස්තාපල්වරයෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බීමතින් සිට ඇති බවද පොලිසිය සඳහන් කළේය.
ඔහු කොතලාවල හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී කොට්ටාව දෙසට ගමන් කර පොලිස් අණ නොතකා ආපසු හැරී නැවත වරක් පාරේ වැරදි පැත්තකින් කඩවත දෙසට ගමන් කර ඇති බව වාර්තා වේ.
අනතුරුව ඔහු අධිවේගී මාර්ගයේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී ඇති අතර අනතුරින් මෝටර් රථයට සහ යතුරුපැදියට හානි සිදුවී තිබේ.
සැකකරු යතුරුපැදියෙන් කිලෝමීටර් 2ක පමණ දුරක් අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් බෙම්මුල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බීමතින් සිටි පොලිස් කොස්තාපල්වරයා අධිවේගී මාර්ගයේ මංතීරුවේ වැරදි පැත්තේ යතුරුපැදියක් පදවාගෙන යන ආකාරය සහ අනතුර සිදුවන ආකාරය ජංගම දුරකථනයක සටහන්ව තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...