දේශීය පුවත්

අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. ශ්‍රී ලංකාව රුසියාවෙන් තෙල් ලබා නොගැනීම සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මැති ඇමතිවරුන් තවත් රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා රුසියාව බලා යන බවත් එම සංචාරයේදී රුසියානු ඛනිජ තෙල් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා යහපත් පිළිතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමට ඔවුන් උනන්දු නොවන බව පැවසීම වැරදි මතයක් බවද ඔහු පැවසීය. “අපි ඉල්ලීම් කර ඇති අතර එය ඉදිරියට යාමට රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයන් තිබෙනවා.ඇත්ත කාරණය නම් මීට පෙර පැමිණීමට නියමිතව තිබූ නෞකාව මගින් රුසියානු සමාගමකින් ඛනිජ තෙල් තොගයක් ගෙන්වා ගැනීමට ද යෝජනා වී තිබුණා. ජාත්‍යන්තර බැංකුවලින් ණයවර ලිපි නිකුත් කිරීම ප්‍රතික්ෂේප වුණා නැව රුසියානු සමාගමකට අයත් වූවක් නිසා.”

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය, “මා දන්නා පරිදි, අමාත්‍යවරුන් දෙදෙනෙක් වෙනත් රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකක් සඳහා රුසියාවේ සංචාරය කරන අතරතුර වෙනත් ගැටළු සම්බන්ධයෙන්ද කතා කිරීමට උත්සහා කරනවා. යහපත් පිළිතුරක් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අපට ඛනිජ තෙල් ලැබෙන්නේ කාගෙන්ද යන්න ගැටළුවක් නොවේ. අඩු මුදලකට ලැබුණොත් අපි එය ලබා ගැනීමට උත්සාහ කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More