දේශීය පුවත්

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ජුනි 26-29 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

නියෝජිත පිරිසට ආසියානු කළාපය භාර භාණ්ඩාගාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රොත් සහ දකුණු සහ මධ්‍යම ආසියාවේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්වරයා වන තානාපති කෙලී කීඩර්ලින් ද ඇතුළත් වේ.

පැමිණෙන අමෙරිකානු නියෝජිත පිරිස පුළුල් පරාසයක පැතිරී සිටින දේශපාලන නියෝජිතයන්, ආර්ථික විද්‍යාඥයින් සහ ජාත්‍යන්තර සංවිධාන හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු එක්සත් ජනපද කාර්යාලය නිකුත් කර ඇති නිවේදනයකට අනුව දූත පිරිස සහභාගි වන සියලුම හමුවීම් වලදී, මෙම අර්බූදකාරි අවස්ථාවේදී අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයින්ට සහාය වීමට එක්සත් ජනපදයට තිබෙන වඩාත් ඵලදායී ක්‍රම හඳුන්වා දීමට පියවර ගන්නා බවත් පවසයි. මීට අමතරව,වත්මන් ආර්ථික අර්බුදය විසඳීමට කටයුතු කරන වගකීම් දරන ශ්‍රී ලාංකිකයන් සහ අනාගතය සඳහා තිරසාර විසඳුම් ඉදිරිපත් කිරීමට උත්සහා දරන සියල්ලන් ඇතුළත් වන පරිදි සාක්ච්ඡා කිරීමට් සැලසුම් කරන බවද පවසයි.

“මෙම සංචාරය ශ්‍රී ලාංකීය ජනතාවගේ ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා අපගේ අඛණ්ඩ කැපවීම අවධාරණය කරයි” යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් පැවසීය. “ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අභියෝගවලට මුහුණ දෙන බැවින්, ආර්ථික වර්ධනයට සහය වීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමට අප ගන්නා උත්සාහයන් මෙතර්ම් තීරණාත්මක බවක් කිසිදා ගෙන නැත.”

පසුගිය සති දෙක තුළ, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා  ඩොලර් මිලියන 120 ක්, ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයට ඩොලර් මිලියන 27 ක දායකත්වයක් සහ ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූවන්ට උපකාර කිරීම සඳහා ඩොලර් මිලියන 5.75ක මානුෂීය ආධාර ලබා දෙන බව ප්‍රකාශයට පත් කර ඇත.

අවදානමට ලක්විය හැකි ජනගහනයට ජීවනෝපාය ආධාර සැපයීම සඳහා නව ප්‍රදානයන් සඳහා එක්සත් ජනපදය ඩොලර් මිලියන 6 ක් ද, ආර්ථිකය ස්ථාවර කිරීමට උපකාරී වන මූල්‍ය ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණික සහාය ද සපයා දුන්නේය.

ඉදිරි මාසවලදී, එක්සත් ජනපදය ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ආර්ථිකය පුනර්ජීවනය කිරීම, ආහාර අනාරක්ෂිතභාවයට එරෙහිව සටන් කිරීම සහ මහජන සෞඛ්‍යය සහ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා  අඛණ්ඩව සහාය වනු ඇත.

වත්මන් අර්බුදයට වඩාත්ම කල් පවතින විසඳුම සැපයිය හැකි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකාව ගත් තීරණයට එක්සත් ජනපදය ද දැඩි ලෙස සහාය දක්වයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More