දේශීය පුවත්

ඊයේ(23) මධ්‍යයම රාත්‍රියේ ඔස්ලෝ හි ජනප්‍රිය සමලිංගික තැබෑරුමක් අසල තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයින් දෙදෙනෙකු මරා දමා තවත් 21 දෙනෙකුට තුවාල සිදු කිරීමෙන් පසුව නෝර්වේ රාජ්‍යය “නොවිසඳුණු ත්‍රස්තවාදී තත්වයකට” මුහුන දෙමින් සිටින බව ජාතික පොලිස් ප්‍රධානී රොජර් බර්ග් මහතා අද (24) මාධ්‍යය හමුවක් පවත්වමින් පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රොජර් බර්ග් මහතා පවසා සිටියේ නෝර්වේ රාජ්‍යය පුරා ත්‍රස්තවාදී තර්ජන මට්ටම “මධ්‍යස්ථ මට්ටමේ” සිට “අසාමාන්‍ය මට්ටම” දක්වා ඉහළ ගොස් ඇති බවට සලකුණු කරන බවයි

සමාජ ශාලාවට එල්ල වූ ප්‍රහාරය “අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදී ක්‍රියාවක්” ලෙස සලකන බව නෝර්වේ පොලිසිය පවසා තිබේ.ත්‍රස්ත විමර්ශකයින් මේවන විට සැකකරුගේ “දෘෂ්ටිවාදී අභිප්‍රේරණයේ” මට්ටම සහ “වෙනත් අන්තවාදීන් හෝ ආශ්‍රිත ජාල” සමඟ ඔහුගේ තිබුණු සම්බන්ධතා තක්සේරු කිරීමට කටයුතු කරමින් සිටී. සුළු වශයෙන් හෝ සැක කටයුතු යමක් දුටුවහොත් පොලිසියට දැනුම් දෙන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබේ.

ඔස්ලෝ නගරයේ සිදු කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවලට සමාන ත්‍රස්තවාදී ක්‍රියා වෙනත් ප්‍රහාරකයන්ට ආස්වාදයක් ලබා දීමේ “විභවයක්” ඇති බව නෝර්වේ පොලිසිය මේ වන විටඅනතුරු අඟවා තිබේ. සෙනසුරාදා ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් අවලංගු කර ඇති දින 10 ක ” LGBTQ+ festiva” උත්සවයේ විශේෂ අංගයක් වන නගරයේ අභිමානවත් පෙළපාලියට පෙර මෙම ප්‍රහාරය සිදු විය.

සැකකරු ඉරානයේ උපන් නෝර්වේ ජාතිකයෙකු වන සනිඅර් මටපොර් (Zaniar Matapour ) (42) ලෙස හඳුනාගෙන ඇත. මෙම පුද්ගලයාට මානසික ආබාධ වැලඳී තිබෙන ඉතිහාසයක් ඇති බවත් වසර ගණනාවක් තිස්සේ පොලිසිය ඒ සම්බන්ධ දැන ගෙන සිටි බවත් නෝර්වේ ඩග්බ්ලැඩෙට් පුවත්පත වාර්තා කර ඇති අතර පුවත් පත අධිකරණයෙන් ලබාගත් ලේඛනද උපුටා දක්වා තිබේ. 1991 දී සිය පවුලේ අය සමඟ නෝර්වේ වෙත පැමිණි මටපොර්, 1990 දශකයේ සනිඅර් මටපොර්  පාසල් සිසුවෙකුව සිටියදී පිහි ඇනුමකට සම්බන්ධ වී පළමුවරට වරදකරු වී ඇති අතර පසුව නිදොස් කොට නිදහස් කරන ලද බව ඩග්බ්ලැඩෙට් පුවත් පත වාර්තා කර තිබේ.

එලෙසම ඔහු “උග්‍ර වීදි ප්‍රචණ්ඩත්වය” සම්බන්ධයට සම්බන්ධවී වරදකරු වූ බවද ඩග්බ්ලැඩෙට් පුවත් පත වැඩිදුරටත් ප්‍රකාශ කරයි. 2015 වර්ෂයේ දී පොලිසිය , ඔහුට ඇති ඉස්ලාමීය සබඳතා පිළිබඳව නෝර්වේ පොලිසිය විමර්ශනය කළ අතර ඉන් වසරකට පසුව ඔහු මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු විය. සැකකරු 2013 වසරේ සිට ආබාධිත ප්‍රතිලාභ මත ජීවත් වන බව ඔහු සම්බණ්දයෙන් වන විමර්ෂණ පත්‍රිකාවේ සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More