විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර මහතා පවසන්නේ මුදල් ගෙවීමට නියමිත වෙලාවට සිදු කිරීමට නොහැකිවීමෙන් මෙම සතියේ මෙරටට නැව්ගත කිරීමට නියමිතව තිබූ පෙට්‍රල් ඩීසල් සහ බොරතෙල් නෞකා ප්‍රමාද වනු ඇති බවයි.
ඒ මහතා ට්විටර් පණිවිඩයල්ක් නිකුත් කරමින් පවසන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තමන්ට මේ බව දන්වා ඇති බවත් මීළඟ ඉන්ධන නැවු පැමිණීමේ දිනයන් සදහන් කිරීමට නොහැකි බවත්ය.
ඒ අනුව මීළඟ බොරතෙල් නැව පැමිණෙන තෙක් සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දමන බවත් අමත්‍යවරයා අවධාරණය කර සිටී.
මීළඟ ඉන්ධන නැව පැමිණි වහාම විදුලි බල උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය දෙන බවත් සීමිත ඉන්ධන තොග ලබන සතිය පුරා සීමිත ස්ථාන වෙත බෙදා හරින බවත් ඔහු පවසන අමාත්‍යයවරයා ඒ ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම් වල රැඳී සිටීමෙන් වලකින ලෙසද ඔහු ජනතාවට පවසයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...