දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට පවසන්නේ ජනාධිපතිතුමා විසින් තමාව බලශක්ති ඇමති ධූරයෙන් ඉවත් කරන්නේ මාර්තු 3 දින බවත් එය රුසියාවට සම්බාධක පනවා දින පහකට පසුව සිදුවූ බවත්ය. එබැවින් අඩු මිලට රුසියානු ඛනිජතෙල් මිල දී ගැනීමේ ස්වර්ණමය අවස්ථාව තමා ඇමති ධූරය දරණ සමයේ නොතිබුණු බව දිනපතා ප්‍රවෘත්ති නරඹන පාසල් දරුවන් පවා දන්නා කරුණක් බවද එම නිවේදනය මගින් පෙන්වා දෙයි. සම්පූර්ණ නිවේදනය පහතින්…

මාධ්‍ය නිවේදනය

2022 ජූනි 24 දින

ගම්මන්පිල රුසියාවෙන් ඛනිජතෙල් මිල දී නොගත්තේ ඇයි?

ආණ්ඩුව විසින් රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීමට කටයුතු නොකිරීම පිලිබඳ විමල් වීරවංශ මන්ත්‍රිතුමා විසින් 2022 ජූනි 22 දින පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරන ලදී. ඊට ප්‍රතිචාර දක්වමින් බලශක්ති ඇමති කංචන විජේසේකර මැතිතුමා ප්‍රශ්න කලේ “ඔබතුමාගේ සංධානයේ සිටින හිටපු බලශක්ති ඇමතිවරයා තමයි පසුගිය වසර එකහමාරක් කටයුතු කලේ. එතුමා රුසියාවෙන් තෙල් නොගත්තේ ඇයි” යනුවෙනි.

ස්වාධීන පක්ෂ එකමුතුවේ සිටින එකම හිටපු බලශක්ති ඇමතිවරයා මා බැවින් මාගේ නම සඳහන් නොකළ ද එය මට එරෙහිව නැගූ චෝදනාවක් ලෙස ජනතාව තේරුම් ගෙන ඇත. එබැවින් ඒ පිලිබඳ පැහැදිලි කිරීමක් කිරීම මගේ යුතුකමකි.

රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය අරඹන්නේ 2022 පෙබරවාරි 24 දිනය. යුරෝපීය රටවල් විසින් රුසියාවට සීමිත වෙළඳ සම්බාධක පනවන්නේ පෙබරවාරි 26 දිනය. රුසියාව විසින් ඈත පෙරදිග රටවලට තම ඉන්ධන සැපයීම ඇරඹුවේ සමීපයේ තිබෙන යුරෝපියානු වෙලඳපොල අහිමි වීමෙන් පසුවය. ජනාධිපතිතුමා විසින් මා බලශක්ති ඇමති ධූරයෙන් ඉවත් කරන්නේ මාර්තු 3 දිනය. එනම් රුසියාවට සම්බාධක පනවා දින පහකට පසුවය. එබැවින් අඩු මිලට රුසියානු ඛනිජතෙල් මිල දී ගැනීමේ ස්වර්ණමය අවස්ථාව මා ඇමති ධූරය දරණ සමයේ නොතිබුණු බව දිනපතා ප්‍රවෘත්ති නරඹන පාසල් දරුවන් පවා දන්නා කරුණකි.

මෙරට ඛනිජතෙල් හිඟයක් 2021 ජූලි මාසයේ දී ඇති වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු විපක්ෂය විසින් අනතුරු අඟවන ලදී. නමුත් ඉන්දියාවෙන් සහ චීනයෙන් ණය පහසුකම් ලබා ගනිමින් ද සැපයුම්කරුවන්ගෙන් දිගුකාලින ණය පහසුකම් ලබා ගනිමින් ද එකී ඛනිජතෙල් හිඟය මාස අටකින් කල් දමා ගැනීමට අපට හැකි විය.

මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ඉන්ධන මිල දී ගැනීම සඳහා ණය පහසුකම් ලබා ගැනීමට හොඳම රට රුසියාවයි. එක් පැත්තකින් රුසියාවට ඉන්ධන අතිරික්තයක් ඇත. අනිත් පැත්තෙන් විදේශීය ජංගම ගිණුමේ පළමු මාස පහ තුල දී පමණක් ඩොලර් බිලියන 120ක් ඉක්ම වූ අතිරික්තයක් ඇති බැවින් ණය පහසුකමක් ලබා දීමේ ශක්තිය ද ඇත.

නමුත් ශ්‍රී ලංකාව මෙතෙක් රුසියාවෙන් එවැනි පහසුකමක් ඉල්ලා නොමැති බව 2022 ජූනි 21 දින අප සමග රුසියානු තානාපතිතුමා විසින් පවසන ලදී. ජනතාව තෙල් සහ ගෑස් පෝලීම් වල මිය යන පසුබිමක එවැනි ඉල්ලීමක් නොකිරීම ඇත්තෙන්ම අපරාධයකි.

උදය ගම්මන්පිල
පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු බලශක්ති අමාත්‍ය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More