රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ.
ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ සහ එරංග ගුණසේකර යන අර්ගලකරුවන් සිව්දෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර ඇතැයි වාර්තාවේ.
මේ අතර ඉතිරි ක්‍රියාකාරීන් තිදෙනා වන “යූ ටියුබර්” රතිඳු සේනාරත්න හෙවත් ‘රැට්ටා’, ලහිරු වීරසේකර සහ පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ජුනි 9 සහ 10 යන දිනවල කොළඹ කොටුවේ සහ තලංගම ප්‍රදේශයේ පැවති විරෝධතා අතරතුර කලහකාරී ලෙස සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ජුනි 17 වැනිදා පොලිසියට නියෝග කළේය.
සාපරාධී බලහත්කාරය, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, නීතිවිරෝධී රැස්වීම්, තුවාල සිදුකිරීම, පොදු දේපළවලට හානි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔවුන්ට එල්ල වී තිබේ.
පසුව ක්‍රියාකාරීන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන අද දින (23) නඩුව කැඳවන තෙක් රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...