ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ විදේශ අමාත්‍යය ජී එල් පීරිස් මහතා ඊයේ (23 ) රුවන්ඩාවේ දී හමුවූ අතර අර්බූදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබාදෙන තීරණාත්මක සහය පිළිබඳව සාකච්ඡා කළේය.
රුවන්ඩාවේ කිගාලි නුවර පැවැත්වෙන CHOGM සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවිය.
ජී එල් පීරිස් මහතා සහ ජයශංකර් මහතා අතර හමුව සිදුවූයේ ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රාගේ නායකත්වයෙන් යුත් සිව් පුද්ගල දූත පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ ඉහළම නායකත්වය කොළඹදී හමුවී ආයෝජන ප්‍රවර්ධනය කිරීම, සබඳතාවයන් සහ ආර්ථික සබැඳියාවන් ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ඉක්මන් ආර්ථික ප්‍රකෘතියට සහය වීමට ඉන්දියාව සූදානම් බව සහතික කිරීමෙන් පැය කිහිපයකට පසුව වීමද විශේෂත්වයකි.
ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ජයශංකර් මහතා පවසා සිටින්නේ,“පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව පැවැත්වෙන අතරතුර අපගේ අසල්වැසි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යය මහාචාර්ය ජී එල් පීරිස් සමඟ හමුවක් පැවැත්වූවා. මේ අවස්ථාවේදී පොදුරාජ්‍ය මණ්ඩලය මුහුණ දෙන ප්‍රශ්න මෙන්ම ඉන්දියාව ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය සම්බන්ධයෙනුත් කතා කළා.” යනුවෙනි.
2022 ජූනි 21 සිට 25 දක්වා රුවන්ඩාවේ කිගාලි නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහභාගී වේ. පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය දරණ රටවල් 54ක සාමාජිකයෝ මෙම උත්සවයට සහභාගි වී සිටිති.
මේ අතර කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් “ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය මෙන්ම ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය පිළිබඳව දෙපාර්ශවයම ඵලදායී අදහස් හුවමාරු කර ගත් බව” කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...