කොළඹදී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසා සිටියේ, ජනතාව අද වන විට පත්ව ඇති හා පීඩනය මත රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බවයි.
පවතින තත්ත්වය තවත් වර්ධනය වුවොත් ජනතාව පැහැර ගැනීම් වලට පෙළඹෙනු ඇති බවත් ආණ්ඩුව එය පාලනය කිරීමට උත්සාහ කිරීමත් සමග සිවිල් යුධ තත්වය නිර්මාණය වනු ඇති බවත නානායක්කර මහතා පවසා සිටියේය.
“රුසියාවෙන් ඉන්ධන සහ පොහොර ලබා ගැනීමට ඇති හැකියාව ගැන ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අවස්ථාව ඉල්ලමින් යොමු කළ ලිපියට කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා නැහැ. ජනාධිපති-අගමැති බකන්නිලාගෙන නොසිට ගැටලුවට උත්තර සෙවිය යුතුයි.බලශක්ති අමාත්‍යවරයා ඉන්ධන සෙවීමේ වගකීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට භාර නොදී රුසියාව සමඟ වහා සාකච්ඡා කිරීමට කටයුතු කළ යුතුයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම හේතුවෙන් ශ්‍රී ලංකාව රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමටත් බියට පත්ව සිටිනවා.තවදුරටත් ආණ්ඩුව මෙලෙස කටයුතු කළහොත් ජනතාවගේ ඉවසීමේ සීමාව පනිනවා.” යනුවෙන් පැවසුවේය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...