දේශීය පුවත්

වෛද්‍යය මොහොමඩ් සාෆි මහතා විසින් කැමැත්ත නොමැතිව මව්වරුන් වඳ භාවයට පත්කිරීම පිළිබඳව විනය පරීක්ෂණයක් පැවැත්වෙන අතරතුර ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් ජනමාධ්‍ය මගින් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම මගින් පරීක්ෂණයට බාධා එල්ල කිරීම පිළිබඳව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා විසින් සෞඛ්‍යය අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.

එම ලිපිය මගින් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පෙනවා දෙන්නේ වෛද්‍ය මොහොමඩ් සාෆි මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව විනය පරීක්ෂණ පැවැත්වීමේදී සහ ඊට අදාළ සෙසු ක්‍රියාමාර්ග ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සම්මත ක්‍රමවේදයන්ට පටහැනිව පක්ෂග්‍රාහීව ක්‍රියා කර ඇති බවට මේ වන විට ගරු අමාත්‍යවරයාට ද කරුණු දක්වා ඇති බවයි.

එසේම විනය ක්‍රියාමාර්ග නිසි පරිදි සිදු නොවීම නිසා චූදිතයාට හිඟ වැටුප් ගෙවීමට සිදුවීම නිසා ඔහු චෝදනා වලින් නිදහස් වූ බවක් ද සමාජගත වී ඇති බවද වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසයි. එලෙසම දැනට චූදිතයෙකු ලෙස නම් කර ඇති වෛද්‍යය මොහොමඩ් සාෆි මහතා සති අන්ත පුවත්පතක් වන අරුණ පුවත්පතට (2022-06-19) සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අදාල විනය ක්‍රියාමාර්ග වලට බලපෑම් එල්ලවිය හැකි ප්‍රකාශ සිදු කර ඇති බවද පෙන්වා දෙයි. වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඒ මගින් ආයතන සංග්‍රහය සහ වෘත්තීය ආචාර ධර්ම පවා උල්ලංඝණය වන බවයි.

ඒ අනුව වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා සෞඛ්‍යය අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන්  ඉල්ලා සිටින්නේ අදාළ පරීක්ෂණ පිළිබඳව මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා එවැනි ක්‍රියාවල නියුක්ත නොවන ලෙස චූදිත වෛද්‍යය සාෆි මොහොමඩ් මහතාට අවවාද කරන ලෙසත් ඔහුට අදාල විනය පරීක්ෂණ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසත්ය.

Dr Safi letter-Dr Wasantha



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More