දේශීය පුවත්

ඇෆ්ගනිස්තානයට ඊයේ (22) පස්වරුවේ බලපෑ භූමිකම්පාවෙන් මියගිය ගණන 1,000ක ඉක්මවා ගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීහු මාධ්‍යය වෙත පැවසූහ.

ඒ අතර භූම්කම්පාවෙන් තුවාල ලබා ඇති පිරිස 600ක් පමණ වන්නේ යැයි මේ වනවිට ගණන් බලා තිබෙන අතර තුවාල ලැබුවන්ගේ සහ මියගිය අයගේ ගණන තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇතැයිද එම නිලධාරීහු බිය පළ කළහ.

ගිනිකොන දිග ඇෆ්ගනිස්තානයට බලපෑ ඇති මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 5.9ක් යැයි ලෙස වාර්තා වි ත්බේ.

භූමි කම්පාව හේතුවෙන් එරට කඳුකර සහ දුෂ්කර ගම්මානවලට වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන අතර එම නිසා තොරතුරු ලැබීම ද ප්‍රමාද වී ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි.

මෙම භූමිකම්පාව 2002 වසරෙන් පසු ඇෆ්ගනිස්තානයට බලපෑ දරුණුතම භූමිකම්පාව බව භූමි කම්පන පිළිබඳ විශේෂඥයෝ පවසති.

ඇෆ්ගනිස්තානයේ ගිනිකොන දිග නගරයක් වන කෝස්ට් නගරයට කිලෝමීටර 44ක් ඈතින් පිහිටි ප්‍රදේශයකදී භූමිකම්පාව හටගෙන ඇති අතර එය පාකිස්තාන දේශසීමාවට ආසන්න යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

යුරෝපීය – මධ්‍යධරණී භූකම්පන මධ්‍යස්ථානයට අනුව භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.9ක් වුවද ඇමෙරිකා එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානයට අනුව එම අගය රික්ටර් මාපකාංක 5.9කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More