දේශීය පුවත්

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එරොෆ්ලොට් ගුවන් යානය පිළිබඳව ඇතිවූ ගැටලුව සමතයකට කිරීමේ අරමුණින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා වෙත් යවන ලද ලිපියට පිළිතුරු ලිපියක් එවා ඇති අතර, එරට ශ්‍රී ලංකා තානාපති යුරි මැටෙරි මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (22) භාර දුන්නේය.

තානාපතිවරයා හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණ අදාල ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළේය.

එහිදී අදහස් දක්වමින් රුසියානු තානාපතිවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ තෙල් සහ පොහොර අර්බුදය පිළිබඳව ඉතා සාධනීයව සලකා බැලීමට හැකි අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ශවයේ යහපත් මැදිහත්වීමක් තවමත් දක්නට නොලැබෙන බවයි.

ශී ලංකා රජය මීට වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව වඩාත් සක්‍රීය දායකත්වයක් ලබා දීමට හැකි බව තානාපතිවරයා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා ගැටළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ රජය සමඟ සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් දෙනු ඇතැයි රුසියානු රජය අපේක්ෂාවෙන් සිටින බවද අවධාරණය කළේය.

21 වන සංශෝධනය සහ සර්ව පාක්ෂික ආණ්ඩුව අපේක්ෂා කරන ව්‍යුහය මෙන්ම දෙරටේ මිත්‍රත්වය පලුදු නොවී ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

“එරොෆ්ලොට් ගුවන් ගමන් නැවතත් ආරම්භ කිරීමට රුසියානු ජනාධිපතිවරයා සහ රජය අපේක්ෂා කරන එකඟතාවය ඉක්මනින් ලබාගැනීමට ඔබ තුමා මැදිහත් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.” යනුවෙන් තානාපතිවර්යා පැවසූ අතර ඊට පිළිතුරු ලෙස හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ලිපියේ අන්තර්ගත කාරණා පිළිබඳව ඉතා ඉක්මනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කොට රුසියානු රජය අපේක්ෂා කරන සාධනීය පිළිතුරක් ලබා දීමට මැදිහත් වන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More