අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් ව්‍යාපාරික කුලප්පුගේ ධම්මික පෙරේරා මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ , ණය ගන්නවාට වඩා ඩොලර් ගෙන ඒම තමා දක්ෂයෙකු බවයි.
එහිදී කුලප්පුගේ ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ සති දෙකක් ඇතුළත විදේශ විනිමය මෙරටට ගෙන ඒමේ සැලසුම් හෙළි කරන බවයි.
තමන් පාර්ලිමේන්තුවට පැමිණීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහ දක්වූ ඒ මහතා, නව තනතුරට පත්වී පවතින අර්බුදයට විසඳුම් සෙවීමට හැකි යැයි විශ්වාසය පළ කළේය.
අමාත්‍ය ධූරයක් භාර ගැනීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමාට පැවරෙන අමාත්‍යාංශයට උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කරන බවයි.
ආයෝජන ගෙන ඒමේ හැකියාව ගැන තමා බලාපොරොත්තු වන බව පැවසූ පෙරේරා මන්ත්‍රීවරයා, සිවිල් යුද සමයේදී ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලය සිහිපත් කරමින් රට තුළ වැඩි රැකියා අවස්ථා ඇති කිරීමට ද ප්‍රතිඥා දුන්නේය.
ගිලෙන නැවකට නැග්ගා යැයි ඔබ සිතන්නේ දැයි ඇසූ විට පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේ තමා රට සම්බන්ධයෙන් එසේ නොසලකන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට පෙර තමාගේ වත්කම් බැරකම් ප්‍රකාශය සහ බදු නිෂ්කාශන සහතිකය කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ඉදිරිපත් කළ බව ද පෙරේරා මහතා පවසා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...