වත්මන් අර්බූදය තාක්ෂණික ගැටලුවක් බැවින් ඊට දේශපාලන විසඳුම් නොමැති බවට ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් කළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා විසින් දැක්වූ අදහස් ඔහුගේම වචනයෙන්,
“බන්දුල කියන්නේ දේශපාලන දැක්මක් අනුව වැඩකරන ආර්ථික විද්‍යාඥයෙක් හෙවත් “ඉකොනොමිස්ට්” කෙනෙක් නෙවෙයි.ඔහු ආර්ථික විද්‍යාවට අදාළ තාක්ෂණික ශිල්පියෙක් හෙවත් “ඉකොනොමෙට්‍රිස්ට්” කෙනෙක්. ඔහුගේ උපදෙස් වලට අනුව වැඩ කරලා පසුගිය ආණ්ඩු කිහිපයක් අමාරුවේ වැටුණා.
ඔහුගේ ආර්ථික මධ්‍යයස්ථාන න්‍යාය මධ්‍යය කාලීන “බාටා” යුගයට අයත් එකක්. ඔහු රුපියල් 100ට හාල් දෙන්න ගිහිල්ලා සහල් වෙළෙඳපල විනාශ කළා. ඔහු හිතන්නේ හාල් ගන්නේ පොළොව හාරලා කියලා. හාල් මිල යථාර්තවාදී නොවන ලෙස පහළ අගයක තබා ගැනීම සඳහා ගොවියා දුකට පත් කළාම වී වගාව වැටෙනවා. ආර්ථික මොඩලය කියන්නේ දේශපාලන තේරීමක්. ඒක වෙනස් කිරීමට නොහැකි වීම දේශපාලන ප්‍රශ්නයක් මිස තාක්ෂණික ප්‍රශ්නයක් නොවෙයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...