දේශීය පුවත්

ශ්‍රී ලංකාව හෙවත් දකුණු ආසියානු ජාතිය ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ථික දියවීමක් නැවැත්වීමට අරගල කරමින් සිටියදී ඔවුන්ගෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිලදී ගත් අමෙරිකා එක්සත් ජනපදයේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර මිලදී ගත් ආයතනය්ක් විසින් එක්සත් ජනපදයේ දී නඩු පැවරීමට කටයුතු කරමින් සිටී.

ජාත්‍යයන්තර ස්වෛරී බැඳුම්කර ඩොලර් මිලියන 250 ක් හෙවත් ශ්‍රී ලංකාවේ සමස්ත ජාත්‍යයන්තර ස්වෛරී බැඳුම්කර වලින් 5.875% කට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගත් අමෙරිකා එක්සත් ජනපදයේ  “ඇමරිකන් රිසව් බෑන්ක්”  නම් ආයතනය  ජූලි 25 වන දින ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපද උසාවියකදී නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ දකුණු කෙළවරේ පිහිටි දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව පසුගිය මැයි මාසයේදී ඔවුන් නිකුත් කළ ස්වෛරී බැඳුම්කර දෙකක පොලී  ගෙවීම් කළ නොහැකි තත්වයට පහත වැටුණි. ශ්‍රී ලංකාව 1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගත් දා සිට පළමු වතාවට ජාත්‍යය්න්තර ස්වෛරී බැඳුම්කර ණය පැහැර හැරීම සිදු කිරීම කරණු ලැබුවේ පසුගිය මැයි මාසයේදීය.

අමෙරිකා එක්සත් ජනපදයේ ශාන්ත කිට්ස් සහ නෙවිස් යන ස්ථානයන් පාදකර ගනිමින් ක්‍රියාත්මක “ඇමරිකන් රිසව් බෑන්ක්” පවසා සිටියේ ගෙවීම් පැහැර හැරීම් සිදු කරන බවට රජයේ ඉහළම බලාධිකාරිය පවසා සිටින අතර එම කණ්ඩායමට ශ්‍රී ලංකාව දිගු කලක් පාලනය කළ පාලක රාජපක්ෂ පවුල ඇතුළු රජයේ තීරණාත්මක ආර්ථික මර්මසස්ථාන වල ඉහළම මට්ටමේ නිලධාරීන් සම්බන්ධවී සිටින බවද පවසයි. “ඇමරිකන් රිසව් බෑන්ක්” නිවේදනය කරන ආකාරයට ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී දේශීය රාජ්‍යය බැංකු මෙන්ම වෙනත් පාර්ශ්වයන් නිදහස් කර ඇතැයිද චෝදනා කරයි.

ඒ අනුව , ශ්‍රී ලංකාව ස්වෛරී බැඳුම්කර වල ආයෝජනය කර ඇති හැමිල්ටන් රක්ෂිත බැංකුව ආයෝජනය කරන ලද මුලු මුදල සහ ඒ සඳහා ලැබිය යුතු සමස්ථ පොලිය ගෙවන ලෙස ඉල්ලා සිටී. ශ්‍රී ලංකාව අදාල ගෙවීම් පැහැර හැරීම නිසා , ෆිඩෙල්ටි ඉන්වෙස්ට්මන්ට්ස් , බ්ලැරොක්,ටී රොව් ප්‍රයිස්, ලෝර්ඩ් අබෙට්, ජේපී මොර්ගන් පිම්කො,නියුබර්ගර් බර්මන් ඇතුලු තවත් එක්සත් ජනපද ආයෝජකයෝද අපහසුතාවයට පත්ව ඇති බව පවසති. එම ආයතන වල ආයෝජනය කළ අමෙරිකානු විශ්‍රාමික ප්‍රජාව දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති බවද පවසති. ඉහත කී ආයතන විසින් කරනු ලැබූ ආයෝජන වලින් 80%ක්ම ශ්‍රී ලංකාවේ තීරණය හේතුවෙන් මේ වන විට අපහසුතාවයට පත්ව ඇති බව පැවසේ.

මේ අතර ශ්‍රී ලංකාවට දැවැන්ත වශයෙන් ණය ලබා දුන් ආයතන වන පැසිෆික් ඉන්වෙස්ට්මන්ට් මැනේජ්මන්ට් සමාගම, ටී. රෝව් ප්‍රයිස් සමූහය ඇතුළු ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියන්ගේ කණ්ඩායමක් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

උද්ධමනය 40% දක්වා ඉහළ දමමින් සහ ණය ගෙවීම් පැහැර හැරීමට බල කරමින් ආනයනික ආහාර සහ ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා ජාතිය නරක අතට හැරෙන මානුෂීය අර්බුදයක් සමඟ පොරබදමින් සිටී. “දෛනික ජීවිතය අඩාල නොවන බව” සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 5 ක් අවශ්‍ය වන අතර රුපියල ශක්තිමත් කිරීම සඳහා තවත් ඩොලර් බිලියන 1 ක් අවශ්‍ය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස මුලදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇපකරයක් ලබා ගැනීමට උත්සාහ කරන බැවින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මූල්‍ය සහ නීති උපදේශකයන් ලෙස සේවය කිරීම සඳහා ශ්‍රී ලංකාව මැයි මාසයේදී ලසාර්ඩ් ආයතනය සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනයේ සහාය ලබ ගැනීමට කටයුතු කළේය.

(බ්ලුම්බර්ග් ආයතනයේ වාර්තාවක් ඇසුරිණි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More