දේශීය පුවත්

ව්‍යාපාරික කුලප්පුගේ ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 විභාග කිරීමට අවසර දීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රමුඛ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ප්‍රකාශ කළේ බහුතර විනිසුරු මඩුල්ලේ තීන්දුවට අනුව පෙත්සම් ඉදිරියට ගෙන යාමට අවසර ලබා නොදෙන බවයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරා මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සහ එහි විධායක අධ්‍යක්ෂක ඇතුළු පුද්ගලයින් සහ සංවිධාන කිහිපයක් මේ මස මුලදී මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණි.පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ (ජාතික ලැයිස්තුව) යටතේ කුලප්පුගේ ධම්මික පෙරේරා මහතා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන තෙක් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් නොදෙන බවට කුලප්පුගේ ධම්මික පෙරේරා මහතා විසින් ප්‍රකාශ කරණු ලැබීය. කෙසේ වුවද ඒ මහතා අද(22) දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More