දේශීය පුවත්

මේ වන විට ශ්‍රී ලංකාවට දැඩිව අවශ්‍යව තිබෙන ඉන්ධන, ගෑස්, පොහොර හා ගල්අඟුරු රුසියානු සමූහාණ්ඩුවෙන් ලබා ගැනීමට තිබෙන හැකියාව පිළිබඳව විමසා බැලීමට විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයෝ ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ගරු යූරි මැටෙරි(Yury Materiy) මැතිතුමන් හමුවූහ.

මෙම හමුව අද(21) සවස කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ සහ වීරසුමන වීරසිංහ, ජාතික කොංග්‍රසයේ නායක ඒ. එල්. එම්. අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More