දේශීය පුවත්

පෙරටුගාමී සමාජවාදි පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා අද (21) පස්වරුවේ මාධ්‍යය වෙත අදහස් දක්වමින් නුගේගොඩ, මෙල්ඩර් පාරේ පිහිටි සිය පක්‍ෂ මූලස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමක් වරෙන්තුකරුවකු සොයන්නේ යැයි පවසා පිටව ගිය බව පවසුවේය.

වරෙන්තුකරු කවුරුන්ද යන්න පොලිසිය ප්‍රකාශ නොකළ බව පවසන පුබුදු ජාගොඩ මහතා මිරිහාන විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයේ සහ වැල්ලවත්ත පොලිසියේ ජීප් රථ දෙකකින් සහ පොලිස් යතුරුපැදියකින් පොලිස් කණ්ඩායම පක්‍ෂ මූලස්ථානයට පැමිණි බවද පවසා සිටියේය.

පොලිසිය කඩා වදින විට පක්‍ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පැවැත්වෙමින් තිබූ බව පැවසූ ජාගොඩ මහතා සැක සහිත යතුරුපැදියක් මූලස්ථාන අසළ සැරිසැරීම හේතුවෙන් පක්‍ෂ සාමාජිකයෝ ගොස් ඒ පිළිබඳව විමසා ඇති බවද අවධාරණය කළේය.

පක්‍ෂ මූලස්ථානයට බලහත්කාරයෙන් කඩාවැදීම පිළිබඳව ඒ වන විට මුලස්ථානයේ සිටි සාමාජිකයන් පොලිසියට විරෝධය පළකර ඇති බවත් ජාගොඩ මහතා වැඩිදුරටත් කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More