දේශීය පුවත්

“සර්වපාක්ෂික අරගලකරුවෝ” විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකට අනුව , රට මුහුණ දී තිබෙන අර්බුදය අවසන් කිරීමේ අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව පළමුව ජනගත කළ පාර්ශ්වය ඔවුන් වන්නෝය. ඒ අනුව ඔවුහු ඔවුන්ගේ විසි වැදෑරුම් අන්තර්කාලීන ආණ්ඩු යෝජනා සමග විපක්ෂ මත දරන බොහෝ පක්ෂ, කණ්ඩායම් හා සිවිල් සංවිධාන සමග පසුගිය දෙමස තුළ සාකච්ඡා කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝඨා – රනිල් ආණ්ඩුව පළවාහැරීමට විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධ දේශපාලන ක්‍රියාමර්ග ආරම්භ කර ඇත . එම මතය ජයග්‍රහනය කරලීම සඳහා ‘සර්වපාක්ෂික අරගලකරුවන්ගේ මතය’ පිළිගනිමින් විපක්ෂයේ පක්ෂ එක්ව මේ සතියේ පාර්ලිමේන්තු සැසි වර්ජනය කිරීම සඳහා ගත් ප්‍රථම ඒකාබද්ධ දේශපාලන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඔවුන්ගේ සතුට පළ කර සිටී.

‘සර්වපාක්ෂික අරගලකරුවන්’ නිකුත් කල සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්…

 

සර්වපාක්ෂික අරගලකරුවන්ගේ ඉල්ලීමට අනුව යමින් විපක්ෂය ගත් පාර්ලිමේන්තු වර්ජන ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීම

මාස තිහක පමණ වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අසාර්ථක, අශිෂ්ට පවුල් පාලනයට එරෙහිව ආරම්භ වූ පොදුජන අරගලයේ මුල සිටම පාර්ශ්වකාරීත්වය දරමින්, ක්‍රියාකාරීව ඒ සඳහා දායකත්වය දැක්වූ අරගලකරුවන් කණ්ඩායමක් ලෙස ‘සර්වපාක්ෂික අරගලකරුවන්’ වූ අපගේ මතය වූයේ ජන පීඩක, උද්ධච්ච, අසාර්ථක ගෝඨාභය රාජපක්ෂ පාලනය අවසන් කිරීම නම් වූ නිර්පාක්ෂික පොදු අරමුණ වෙනුවෙන් සියලු පාර්ශ්ව ‘සර්වපාක්ෂික කණ්ඩායම්’ ලෙස තම පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා එක්ව කඳවුරු බැඳ ඒකාබද්ධ දේශපාලන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විය යුතු බවයි.

ඒ අනුව යමින් අර්බුදය අවසන් කිරීමේ අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව පළමුව ජනගත කළ පාර්ශ්වය වන අපි, ඒ වෙනුවෙන් පෙනී සිටිමින් අපගේ විසි වැදෑරුම් අන්තර්කාලීන ආණ්ඩු යෝජනා සමග විපක්ෂ මත දරන බොහෝ පක්ෂ, කණ්ඩායම් හා සිවිල් සංවිධාන සමග පසුගිය දෙමස තුළ සාකච්ඡා කළෙමු. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ඓතිහාසික මානව ඛේදවාචකයක් අබියස සිටින බවත්, ඊට පිළියම් ලෙස ගෝඨා – රනිල් ආණ්ඩුව පළවාහැරීමට විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධ දේශපාලන ක්‍රියාමර්ග ආරම්භ කළ යුතු බවටත් වන ‘සර්වපාක්ෂික අරගලකරුවන්ගේ මතය’ පිළිගනිමින් අද දවසේ විපක්ෂයේ පක්ෂ එක්ව මේ සතියේ පාර්ලිමේන්තු සැසි වර්ජනය කිරීම සඳහා ගත් ප්‍රථම ඒකාබද්ධ දේශපාලන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අපගේ ප්‍රසාදය පළ කරමු.

මෙවන් අර්බුදයකදී තනි තනිව බෙදී වෙන්ව අප මාතෘභූමියට හෝ රටේ ජනතාවට කිසිදු සාධනීය ජයග්‍රහණයක් අත් කරදීමට කිසිදු පාර්ශ්වයකට හැකියාවක් නොමැති බව විශ්වාස කරන ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’, මේ අනීතික, ජන පීඩක හා අසාර්ථක ගෝඨා – රනිල් පාලන ක්‍රමය අවසන් කර මව්බිමේ ගෞරවනීය පැවැත්ම හා රටේ අසරණ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු පාර්ශ්ව ජනසම්මත අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට වහා ක්‍රියාමාර්ග ගතයුතු බව අප නැවත අවධාරණය කරමු. තවද ඒ සඳහා පුළුල් දේශපාලන වේදිකාවක් නිර්මාණය කිරීමටත්, පොදු සමාජ බලවේගයක් බලමුළුගන්වමින් අසාර්ථක ගෝඨාභය රාජපක්ෂ පාලනය පෙරළා දැමීමටත් අප තවදුරටත් අවශ්‍ය තීරණාත්මක මැදිහත්වීම සහ නායකත්වය දෙන බවත් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට අපි දන්වා සිටිමු.

– සර්වපාක්ෂික අරගලකරුවෝ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More