දේශීය පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) රාමුවට අනුකූලව වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට සහාය දෙන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමතිනි ක්ලේයාර් ඔ’නීල් මහත්මිය පවසයි.

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ක්ලේයාර් ඔ’නීල් මහත්මිය අද (20) කොළඹ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් සඳහා වූ “සීරෝ චාන්ස්” ව්‍යාපාරය ඔස්ට්‍රේලියාවේ පසුගිය කොන්සර්වේටිව් රජයේ ප්‍රතිපත්තිය විය. කම්කරු පක්ෂය නියෝජනය කරන නව රජයේ ප්‍රතිපත්තිය ද එයම බව ඇය ප්‍රකාශ කළාය.

තමන් ආරක්‍ෂක ලේකම්වරයාව සිටියදී නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කළ ජනාධිපතිතුමා, නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා නාවික හමුදාව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පැවසූ බව ජනාධිපති මාධ්‍යය ඒකකය පවසයි.

නාවික, තාක්ෂණික සහ ද්‍රව්‍යමය සහය ලබාදීම සඳහා ඔස්ට්‍රේලියානු රජය දක්වන සහයෝගය අගය කළ ජනාධිපතිතුමා මී දක්වා දෙරට සමීපව කටයුතු කරන බව ද සඳහන් කළේය.

ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව දැඩි අවධානයෙන් පසුවන අතර ඉන්දියන් සාගරය ආරක්ෂක කලාපයක් ලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජයේ උපරිම සහය ලබාදෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

නාවික හමුදා සාමාජිකයින් 50 දෙනෙකු පමණ මේ වන විට විශේෂ පුහුණුවක් සඳහා ඕස්ට්‍රේලියාවේ සිටින බවද අනාවරණය විය. එවැනි පුහුණු අවස්ථා සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමඟ ඔවුන් දක්වන සහයෝගීතාව ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය.

රේගු පරිපාලනයේ පළපුරුද්ද තුළින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට සහ තිරසාර බලශක්ති උත්පාදන වැඩසටහනේ සාර්ථකත්වයට  සහය දැක්වීමට ඇය කැමැත්තෙන් සිටින බව ඇමතිනි ක්ලෙයාර් ඕ’නීල් මැතිණිය සහතික කළ බවද ජනාධිපති මාධ්‍යය ඒකකය පවසයි.

ධීවර නියාමනය, වෘත්තීය සහ කාර්මික අධ්‍යාපනය ප්‍රවර්ධනය සහ ජාත්‍යන්තර සිසුන්ගේ උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට තම රජය සහය වීමට සූදානම් බව ද ඇය ප්‍රකාශ කළ බවද ජනාධිපති මාධ්‍යය අංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඈෂ්ලි ඇල්ඩර්ටන්, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, ලේකම් , විදේශ කටයුතු ප්‍රධානී අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් මෙන්ම මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක මාණ්ඩලික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්වරු ද එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More