දේශීය පුවත්

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) කණ්ඩායම මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා පවත්වයි.

අද දින ශ්‍රී ලංකාවට පැමිණි දස පුද්ගල දූත පිරිසක් මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා පවත්වමින් සිටින බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීම සම්බන්ධයෙන් IMF සමඟ පළමු සාකච්ඡාව අද දින කොළඹ දී ආරම්භ වූ අතර එය දින 10 ක් පුරා පවතිනු ඇති බව IMF ආයතනය සහ ශ්‍රී ලංකා රජය කළ කෙටි ප්‍රකාශවල සඳහන් වී තිබේ.

1948 බ්‍රිතාන්‍යය් කිරීටයෙන් නිදහස් වූ පසු ශ්‍රී ලංකාව එහි දරුණුතම මූල්‍ය අර්බුදය සමඟ පොරබදමින් සිටින බැවින් ණය ලබා දීමේදී ඇපවීමේ වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා සඳහා IMF කණ්ඩායම දිවයිනට පැමිණ සිටින බව වාර්තා වේ.

IMF නියෝජිත පිරිස ජූනි මස 30 දක්වා කොළඹට රැඳී සිටිමින් ශ්‍රී ලංකාවට 17 වෙනි වතාවටත් ණය ලබාදී ගලවා ගැනීමේ වැඩසටහන කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡා දිගටම කරගෙන යනු ඇති බව IMF ආයතනය ඉරිදා ප්‍රකාශ කළේය.

“IMF හි ප්‍රතිපත්තිවලට අනුකූලව, මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට අපගේ කැපවීම අපි නැවත තහවුරු කරමු” යනුවෙන් ගෝලීය ණය දෙන්නා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සමග සම්පාත වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ සංචාරය, ඉක්මන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් සහ IMF ප්‍රතිපාදන බෙදාහැරීම් සඳහා වේගවත් මාවතක් ලබා දෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වේ. නමුත් ඒ සඳහා සාමාන්‍යයෙන් මාස කිහිපයක් ගත වන අතර,ඒ මගින් ශ්‍රී ලංකාව තවත් ආර්ථික සමාජීය දුෂ්කරතාවයන්ට සහ දේශපාලන නොසන්සුන්තාවයන් ඇති කිරීමට හේතු වනු ඇත.

IMF සංචාරයෙන් ශ්‍රී ලංකාවට ආපසු ගෙවිය හැකි ණය ප්‍රමාණය සහ ආයෝජකයින් දිරිමත් කිරීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් බැඳුම්කර හිමියන් අපේක්ෂා කරයි.

ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි මූලාශ්‍රවලින් ණය ලබා ගැනීමට ප්‍රවේශ වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් මේ මාසයේ ආරම්භ කිරීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය හා නීති උපදේශකවරුන් වන ලසාර්ඩ්  සහ ක්ලිෆර්ඩ් චාන්ස්  යන  ආයතන වල නියෝජිතයෝ පිරිසක්ද කොළඹට පැමිණ සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More