දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු කණ්ඩායම අතර සාකච්ඡාවක් අද (20) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එම සාකච්ඡාව අද පස්වරු 5.00ට පැවැත්වෙන බවද වාර්තාවේ.ඉන්ධන අර්බුදයත් සමඟ රට තුළ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සහ රජයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සාකච්ඡාවේ අරමුණ බවද කියවේ.

මේ අතර යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳව ආණ්ඩුවේ පිරිසක් අද ජනාධිපතිවරයාගෙන් විමසීමට සූදානම් වන බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ පවත්වන සාකච්ඡාවෙන් අනතුරුව සතිපතා කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිත බවද කියවේ.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාකච්ඡා කෙරෙනු ඇති බවද ආරංචි මාර්ග පවසයි.

මේ අතර පාර්ලිමේන්තුව හෙට සිට දින හතරක් රැස්වීමට නියමිත අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කර ඇති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හෙට(21) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී පාර්ලිමේන්තුවේ සිය අසුන් ගැනීමට නියමිත බවද කියවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More