දේශීය පුවත්

පෙට්‍රල් සහ ඩීසල් නැව්ගත කිරීම සඳහා ඩොලර් මිලියන 90 ක ණයවර ලිපි (LCs) විවෘත කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ඊයේ(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නැව්ගත කරන ලද පෙට්‍රල් ජුනි 23 වනදා දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන අතර නැව්ගත කරන ලද ඩීසල් ජුනි 24 වනදා පැමිණීමට නියමිත බවයි.

එබැවින් ඉදිරි දින තුන හතර තුළ ඉන්ධන තොග ලැබෙන තුරු ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර, ළඟම ඇති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ඩිපෝවලින් තම ඉන්ධන අවශ්‍යතා ලබා ගන්නා ලෙස අමාත්‍යවරයා පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් ඉල්ලීමක් කරන අතර ඒ සඳහා අවශ්‍යය කටයුතු මේ වන විටත් සම්පාදනය කර ඇති බව අමාත්‍යයවරයා පැවසුවේය.

එබැවින් වෙනත් ඉන්ධන පිරවුම්හල් වෙත නොයන ලෙස ඔහු පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

පාසල්, කාර්ය මණ්ඩල සහ සංචාරක ප්‍රවාහන වාහනවලට ද තම ඉන්ධන අවශ්‍යතා ළඟම ඇති ලංගම ඩිපෝවලින් ලබාගත හැකි බවද ඔහු පැවසීය.

අත්‍යාවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ඉන්ධන ලබන සතියේ සිකුරාදා සිට තෝරාගත් පිරවුම්හල්වලින් නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය විජේසේකර මහතා පැවසීය.

ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා නියමිත දිනවලදී අංක තහඩුවේ අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කරන බව ඔහු පැවසීය.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් නිවසේ සිට වැඩ කිරීමට සේවකයන් දිරිමත් කරන ලෙස ද අමාත්‍යවරයා පෞද්ගලික අංශයෙන්ද ඉල්ලීමක් කළා.

“විවේක ක්‍රියාකාරකම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය නොවන සංචාර සඳහා ඔබගේ ගමන් සීමා කරන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙය අප කළ යුතු දෙයක්. රාජ්‍ය අංශයේ අපි චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා නිවසේ සිට වැඩ කරන්න. බලශක්ති ඇමැතිවරයා විදියට මම පෞද්ගලික අංශයෙන් ඉල්ලනවා, ඔබේ නිලධාරීන්ට සහ සේවකයන්ට හැකි නම් නිවසේ සිට වැඩ කිරීමට යොමු කරන්න. යම් යම් රැස්වීම් සඳහා ඔවුන්ව වාහන වල කැඳවන්නේ නැතිව, එය මාර්ගගතව කළ හැකි නම් එසේ කිරීමට යොමු වන්න. අපි මෙම ක්‍රමය කොවිඩ් වසංගතය අතරතුර කළා. ඒ අනුව හැම ආයතනයකටම ඒ පහසුකම තියෙනවා, දුරකථන පහසුකම් තියෙනවා, පරිගණක පහසුකම් තියෙනවා. එම පහසුකම් හරහා වැඩ කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා”.

දිවා කාලයේ අඛණ්ඩ විදුලිය ලබාදීමට බලාපොරොත්තු වන බවත්,විදුලිය විසන්ධි කිරීම දහවල් 1.00 න් පසු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා පවා ඉල්ලා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව අද(20 ) සිට පස්වරු 1.00 න් පසු විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඔහු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More