හිටපු අමාත්‍යය නාමල් රාජපක්ෂ මහතා ඉන්ධන අර්බූදය හේතුවෙන් ගැටලු පැන නැගී ඇති වෘත්තිමය ප්‍රවාහන ත්‍රී රෝද රථ, පෞද්ගලික බස් රථ, පාසැල් ළමුන් ප්‍රවාහන රථ, කාර්යාල නිළධාරීන් ප්‍රවාහන රථ, බහලුම් ප්‍රවාහන රථ, වාණිජමය ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන සංවිධානවල නියෝජිතයන් සහ ඛනිජ තෙල් අමාත්‍යයවරයා සම්බන්ධීකරණය කරමින් එම ක්ෂේත්‍රවල නියලෙන්නන්ගේ ගැටලු නිරාකරණය වෙනුවෙන් මැදිහත් වී ඇති බව වාර්තා වේ.
මෙහිදී ඉන්ධන හිඟයන් ඇති වන අවස්ථාවල එම පිරිසගේ වෘත්තීය කරගෙන යාම සඳා ප්‍රමුඛතාවය ලබා දෙමින් ඉන්ධන බෙදා හැරීම පිළිබඳව සහ එම සෑම ක්ෂේත්‍රයක්ම සහ රටේ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් සලාක ක්‍රමයක් යටතේ ඉන්ධන ලබා දෙන ලෙස සහ වෘත්තීමය ත්‍රී රෝද රථ ඔවුන් ඉන්ධන ලබා ගන්නා එක් ඉන්ධන පිරවුම්හලක පමණක් ලියාපදංචි කර ඉන්ධන දෛනිකව ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...