දේශීය පුවත්

එරෝෆ්ලොට් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, එරෝෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට සිදු කරන ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට සලකා බැලීම සඳහා රුසියානු ගුවන් යානා නැවත රඳවා නොගන්නා බවට ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් අවශ්‍ය බවය.

කොළඹ සහ මොස්කව් අතර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ලැබෙන සහතිකය මත සිදුවන බව එරොෆ්ලොට් ගුවන් සේවා බලධාරීන් තමාට දන්වා ඇති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය මාධ්‍යය වෙත දන්වා තිබුණි.

පසුගිය ජූනි 2වෙනිදා එරෝෆ්ලොට් ගුවන් සමාගමේ ගුවන් යානයක් කොළඹ වාණිජ මහාධිකරණයේ වාරණ නියෝගයක් මත කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ගැනීම හේතුවෙන් එම සමාගම ශ්‍රී ලංකාවට සිදුකරන ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවනු ලැබුවේය.

කෙසේ වුවද නීතිපතිවරයා ගොනු කළ මෝසම සලකා බලා කොළඹ වානිජ මහාධිකරණය වාරණ නියෝගය අත්හිටුවනු ලැබුවේය.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය මාධ්‍යය වෙත අදහස් දක්වමින් “ගුවන් සමාගමේ නිලධාරීන් සමග එකඟතාවයකට එන්න අපිට ගොඩක් මහන්සි වෙලා වැඩකරන්න වුනා”යැයි ප්‍රකාශ කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More