සේවක අර්ථසාධක අරමුදල (EPF) හෙවත් ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත්ම පුළුල් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය විසින් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනයන් හි වෙළෙඳපොළ වටිනාකම, 2022 පළමු කාර්තුව තුළ දී දැවැන්ත ලෙස පහළ ගොස් ඇති බව වාර්තා පවසයි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් 66 ක සේවක අර්ථසාධක අරමුදල විසින් කර තිබූ ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම 2021 දෙසැම්බර් 31 දින වන විට රු. බිලියන 111.96 ක් වූ බව එම වාර්තා පවසයි.
කොටස් වෙළෙඳ පොලේ කඩා වැටීම හේතුවෙන් මෙම අගය 2022 මාර්තු 31 දින වන විට රු. බිලියන 76.48 ක් දක්වා රු. බිලියන 35.48 කින් පහළ ගොස් තිබෙන බවද එම වාර්තා පවසයි.
එම අගය රු. කෝටි 3,548 ක වත්කම් පහළ යාමක් වන අතර ප්‍රතිශතයක් ලෙස 31.68% ක අගය අඩු වීමකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...