යුක්රේනයේ ගැටුම් ඇවිලීමට පෙර ලෝකය තිබූ තත්වයට යළි ඵමිණෙනු ඇතැයි ඇතැයි විශ්වාස කරන අය නිවැරදි නොවන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.
“වත්මන් ගැටුම් සහගත තත්වයේ වෙනස්කම් ඉදිරි කාලයේදී ඇති වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවත් තත්වය සාමාන්‍ය අතට පත් වනු ඇති බවත් යෝජනා කිරීම වරදක්. සියලුම දේ මුලින් තිබුණු තත්වයට පත්වනු ඇතැයි පවසන්නේ නම් අපට කීමට ඇත්තේ එය එසේ නොවනු ඇත කියායි. ”රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සිකුරාදා(17) ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදය (SPIEF) අමතමින් අවධාරණය කළේය.
මේ මොහොතේ ලෝකයේ සිදුවෙමින් පවතින වෙනස්කම් මූලිකවම සිදුවිය යුතු, රැඩිකල් මෙන්ම ආපසු හැරවිය නොහැකි ඒවා බවද රුසියානු ජනාධිපතිවරයා පැවසුවේය.
“කෙසේ වෙතත්, සමහර බටහිර රටවල පාලක ප්‍රභූන් මෙම පැහැදිලි වෙනස භාර ගැනීම ප්‍රතික්ෂේප කරන අතර ‘අතීතයේ සෙවනැලිවලට ඇලී සිටීමට’බලවත් ආශාවකින් පෙලෙනවා. උදාහරණයක් ලෙස පැවසුවහොත්, ගෝලීය දේශපාලනයේ සහ ආර්ථිකයේ බටහිර ආධිපත්‍යය නියත, සදාකාලික වටිනාකමක් බව ඔවුන් දැඩිව විශ්වාස කරනවා,” රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ” නමුත් ,කිසිවක් සදාකාලික නැත.” කියාය.
“1990 දශකයේ මුල් භාගයේදි පැවති සීතල යුද්ධයේ ජයග්‍රහණය එක්සත් ජනපදය ප්‍රකාශ කළ දිනයේ සිට, එක්සත් ජනපදය , තමා පෘථිවියේ දෙවියන්ගේ දූතයා ලෙස ප්‍රකාශ කරණු ලැබුවේ තමන් කිසිදු බැඳීමක් නොමැති නමුත් අවශ්‍යතා පමණක් වන බවත් එම අවශ්‍යතා පරිශුද්ධ වන්නේ යැයි යන මතයේ සිට කටයුතු කරමිනුයි.” රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, රුසියානු නායකයාට අනුව, ඒක ධ්‍රැවීය ලෝකයක් පිළිබඳ අදහස ශක්තිමත් එකක් වුවද , ජාත්‍යන්තර සබඳතාවල සම්මතයන් සෑම විටම තනි ජාතියකට පක්ෂව අර්ථ දැක්විය නොහැකි බැවින් එම අදහස හරයෙන්ම දෝෂ සහිත ය.
එක්සත් ජනපදයේ මතවාදී ප්‍රපංචය පිළිබඳ රුසියානු ජනාධිපතිවරයා අදහස් දක්වමින් “එය හරියට වොෂින්ටනයේ පාලක ප්‍රභූන් මෑත දශකවල මතුවී ඇති නව බල මධ්‍යස්ථාන දැකීම ප්‍රතික්ෂේප කරන අතර “ඔවුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට සහ ඔවුන්ගේ ජාතික ස්වෛරීභාවය සහතික කිරීමට” සෑම අයිතියක්ම ඇති බව පැවසීමට සමානයි.” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...