වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා තම රජය ශ්‍රී ලංකා රජයට උපරිම සහයෝගය ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි සහතික වී ඇති බව වාර්තාවේ.
පාකිස්ථානු මහ කොමසාරිස් උමාර් ෆාරුක් බුර්කි මේ බව සඳහන් කළේ සිකුරාදා (ජුනි 17) කොළඹ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී බවද එම වාර්තා පවසයි.
එහිදී, දෙරට අතර සමීප සහ බහුපාර්ශ්වික සබඳතා මෙන්ම දේශපාලන, වෙළෙඳ, සංස්කෘතික, ආරක්ෂක සහ සංවර්ධන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන බව මහ කොමසාරිස්වරයා පවසා ඇත.
ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මෙන්ම මානුෂීය ආධාර ලෙස තෝරාගත් ඖෂධ වර්ග ශ්‍රී ලංකාවට එවීම පිළිබඳව ද ජනාධිපතිතුමා පකිස්ථාන රජයට ස්තූතිය පළ කිරීමටද කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව ජනාධිපතිවරයා මහ කොමසාරිස්වරයා දැනුවත් කරඣ් ඇති අතර පවතින තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා පකිස්ථාන රජය සහය ලබා දෙන බවත්, ශ්‍රී ලංකාව ඉක්මනින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...