ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් ඒ බව සදහන් කර ඇත්තේ ජුනි 13 වැනි දින ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි නිත්‍ය සැසිවාරය අමතමින් පවසා සිටියේ ආණ්ඩුව පසුගිය සමයේ තහනම් කරන ලද දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සහ පුද්ගලයන්ට පනවා තිබු තහනම ඉවත්කිරීමට ඇති සුදානම් බවයි.
ඒ අනුව 2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසි යටතේ, නම් කරන ලද පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුව සමාලෝචනය කෙරෙමින් පවතින අතර මේ වන විට පුද්ගලයින් 318 දෙනෙක් සහ හිමිකම් 04ක් ඉවත් කිරීම සඳහා යෝජිතව ඇති අතර මෙය අඛණ්ඩ ව්‍යායාමයක් ලෙස සිදු කිරීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ඩයස්පෝරා ප්‍රජාව සහ රටේ ‘යහපැවැත්ම සඳහා කැපවී සිටින’ සිවිල් සමාජ සංවිධාන සමඟ සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාව විවෘතව පවතින බවත් අමාත්‍යවරයා එහිදී පැවසු බවද පවසයි.
එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රබල සංවිධාන ඇතුළු දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ගණනාවක් තහනම් කිරීමට 2021 වසරේ මාර්තු මාසයේදී ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජය කටයුතු කර තිබුනි.
එම ස්ංවිධාන අතර ගෝලීය දෙමළ සංසදය (GTF), බ්‍රිතාන්‍ය දෙමළ සංසදය (BTF), කැනේඩියානු දෙමළ කොංග්‍රසය (CTC), ඕස්ට්‍රේලියානු දෙමළ කොන්ග්‍රසය (ATC), කැනේඩියානු දෙමළ ජාතික සභාව, දෙමළ තරුණ සංවිධානය සහ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව ප්‍රමුඛ වේ.
මෙම සංවිධාන අතරින් සමහර සංවිධානය 2014 දී තහනම් කරන ලද නමුත් 2015 දී රජය විසින් නැවත ලැයිස්තු ගත කිරීමට කටයුතු කර තිබුණි.
එම සංවිධාන තහනම් කිරීමට පදනම් කරගෙන තිබුණේ 2012 එක්සත් ජාතීන්ගේ රෙගුලාසි අංක 1 (4) බවද කියවෙන අතර එම සංවිධාන තහනම් කිරීම සඳහා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අත්සන් තබා තිබුනේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසිනි.
එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, මැලේසියාව සහ තවත් රටවල් කිහිපයක වෙසෙන පුද්ගලයන් ගණනාවක්ද රජය විසින් මෙම තහනම් ලැයිස්තුවට ඇතුළත් කර තිබුනි.
රට ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියදී මේ වසරේ මාර්තු මාසයේ කැඳවන ලද බහු පාක්ෂික සමුළුවකදී මෙන්ම දෙමළ ජාතික සන්ධානය සමග පැවති හමුවකදීත් දෙමළ ඩයස්පෝරා ආයෝජන වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කැමත්ත පලවී තිබුණි.
එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා විදේශගත දෙමළ ජනතාවගේ මුදල් දිවයිනට අද්දවා දීම සඳහා ‘පාලමක්’ වීමටත් දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට සහතික වී තිබුණි.
මේ අතර පසුගිය අප්‍රේල් මාසයේදී උතුරේ සංචාරයක නිරතව වු කොළඹ එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් හමුවු අවස්ථාවේ උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා පවසා තිබුනේ රටේ ආර්ථික දියුණුව වෙනුවෙන් මුදල් ආයෝජනය කරන ලෙස ජනාධිපතිවරයා ඩයස්පෝරාවෙන් ඉල්ලා ඇති නමුත් එය ක්‍රියාවට නංවාලීමේදී බාධා රැසක් මතුවන බව යි.
ඒ වෙනුවෙන් පවතින නීති ක්‍රියාවලිය සංකීර්ණ බව පෙන්වා දී ඇති ආණ්ඩුකාරවරයා කොළඹ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් මහත්මියගේ මැදිහත් වීම අවශ්‍යය බවද ඉල්ලා සිටි බව දෙමළ ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...